සැප්තැම්බර් 2දා වන විට ශ්‍රී ල.නි.ප.ය ප්‍රබල දේශපාලන තීන්දුවක් ගන්නවා

  👤  1152 readers have read this article !
Published by : MB WEB 2018-06-15 09:33:50

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු


සැප්තැම්බර් 2 වැනිදා වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ ප්‍රබල දේශපාලන තීන්දුවක් ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර ඇත.
දහසය දෙනාගේ කණ්ඩායම සමඟ ඊයේ (14දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර තිබේ.


දහසය දෙනාගේ කණ්ඩායම එහිදී දැඩිව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කර ගැනීමට නම් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවයි. පළාත් සභා මැතිවරණ ඉදිරියේදී පැවැත්වීමට නියමිත බැවින් දැන් සිටම ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව ඒකබද්ධ විපක්‍ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්විය යුතු බව එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රි ඩිලාන් පෙරේරා පෙන්වා දී ඇත.


පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත් කම ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර ඇත.


නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ වුවමනාවට වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන තනතුරු දරන අය සමඟ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සාර්ථකව සිදුකර ගත නොහැකි බව ඩිලාන් පෙරේරා මහතා පෙන්වාදී ඇත.


එසේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ස¼දහා දහසයේ කණ්ඩායම සමඟ වෙනම වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස එහිදී තීරණය කර තිබේ.
දහසයේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ද සාකච්ඡාවට සහභාගි වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon