රංජන් ද සිල්වා ඝාතනයට යොදාගත් බවට සැක ගිනි අවිය හමුවේ

  👤  1380 readers have read this article !
Published by : MB WEB 2018-06-18 11:00:21

පන්නිපිටිය - හෂාන් පුෂ්පික කොළඹ - එම්.සී. පෙරේරා

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි රංජන් ද සිල්වා මහතා ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන ටී - 56 ගිනි අවියක්, ජීව උණ්ඩ 30ක් සහ මැගසිනයක් ඊයේ (17දා) දහවල් අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

මත්තේගොඩ - කුඩමාදුව ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් කරන ලද ශ්‍රමදානයක් අතරතුරදී මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරක් ලැබී ඒ පිළිබඳව මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණි තිලකසිරි මහතාට කරන ලද දැනුම්දීමක් අනුව මෙම ගිනි අවිය සොයා ගැනීමට හැකිවූ බව කියයි.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී ටී - 56 ගිනි අවියක්, ජීව උණ්ඩ 30ක් සහ මැගසිනයක් ගී්‍රස්වලින් තවරා පොලිතින් කවරයක බහා වළ දමා තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයා ගත් බව පැවැසේ.

මීට මාසයකට පමණ පෙර දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු මන්ත්‍රි රංජන් ද සිල්වා මහතා ඝාතනය කිරීමට මෙම ගිනි අවිය භාවිත කළ බවට සැකයක් පවතින බවද පොලිසිය කියයි.

මීට වසරකට පමණ පෙර පිළියන්දල නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට සිදුකළ වෙඩි තැබීම සඳහාද මෙම ගිනි අවිය භාවිත කරන්නට ඇති බවට තවත් සැකකයක් පවතින බව පොලිසිය කියයි. මේ පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කරන බව පොලිසිය පවසයි. මෙම ගිනි අවිය ග්‍රීස්වලින් තවරා ආරක්ෂිතව තබන්නට ඇත්තේ ඉතා නුදුරකදීම තවත් අපරාධයක් සඳහා වන්නට ඇති බවද පොලිසිය පවසයි.

මෙම ගිනි අවිය රස පරීක්ෂක වාර්තාවක් සඳහා යොමු කිරීමට නියමිතය. සිද්ධිය පිළිබඳව කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

මේ පිළිබඳව ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොහාන් ප්‍රනාන්දු, සහකාර පොලිස් අධිකාරි ධර්මරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මත්තේගොඩ නව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණි තිලකසිරි, පොලිස් සැරයන් සරත් (45746), පො.කො. පෙරේරා (41581), බලලගේ (49778) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon