හිටපු ජනපති හා ඒකාබද්ධ විපක්ෂ නායකයන් හමුව අද

  👤  1522 readers have read this article !
Published by : MB WEB 2018-06-19 14:23:26

ආණ්ඩුවට එරෙහිව දියත් කිරීමට නියමිත විරෝධතා ව්‍යාපාරයේ දින වකවානු හා සැලැස්ම සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුවක් අද (19දා) දින සවස 5.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතයි.

බදු බර වැඩි කිරීමට එරෙහිව, රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට එරෙහිව, රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව, මැතිවරණ කල් දැමීමට එරෙහිව, දේශපාලන දඩයමට එරෙහිව ඇතුළු තවත් කරුණු රැසකට විරෝධතාව පළකරන ආණ්ඩුවට එරෙහිව රට පුරා විරෝධතා රැලි මාලාවක් සංවිධානය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙන බවත් මේ ගැන අද සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකරන බවද ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයකු 'මව්බිම'ට ප්‍රකාශ කළේය. මේ අතර 16 කණ්ඩායමේ ඇතැමුන් හා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්ගේ යම් යම් මතවාද නැතිකර එක්සත් ජාතික පක්ෂ විරෝධී වැඩසටහනට සියලුම දෙනා එක්ව ගමන් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒකාබද්ධ විපක්ෂයේ එම ජේ‍යෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon