මම කරපු වරදක් නැහැ චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි

  👤  1387 readers have read this article !
Published by : MB WEB 2018-06-19 15:01:45

මෙහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ 2 වැනි දිනයේදී පන්දු රකිමින් සිටියදී යම් ශ්‍රාවයක් ආලේප කරමින් පන්දුව පලුදු කළේ යැයි චෝදනා ලැබූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එරෙහිව ඊයේ තරගයෙන් පසුව අයි.සී.සී. විසින් පවත්වන ලද පරීක්‍ෂණයේදී එවන් වරදක් කළ බවට ඔහු පිළිනොගෙන ඇතැයි දැනගන්නට ලැබිණි.

එම සිදුවීමට අදාළ රූපවාහිනී දර්ශන උපයෝගි කරගනිමින් අයි.සී.සී. තරග තීරක ජවගල් ශ්‍රී නාත් සහ තරග විනිසුරුවන්ගේ සහභාගිත්වයෙන් ඊයේ සවස පැවැති එම පරීක්‍ෂණයට චන්දිමාල් මුහුණ දී ඇති අතර තමන් ටොෆි හෝ චුයින්ගම් වැනි දේ භාවිත කිරීම තරගයකදී සිදුකරන සාමාන්‍ය දෙයක් බවත් මෙකී අවස්ථාවේදීද එවන් දෙයක් සපමින් ක්‍රිඩාවේ යෙදුණේ වැරැදි ක්‍රියාවක නියැළීමේ චේතනාවකින් නොවන බවත් ශ්‍රී ලංකා නායකයාගේ කරුණු දැක්වීමේ සඳහන් වූ බවද පැවැසේ.

කෙසේ වෙතත් මෙකී පරීක්‍ෂණයෙන් අනතුරුව අයි.සී.සී. ය විසින් ගන්නා ලද අවසන් තීරණය ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත්කිරීමටද නියමිව තිබිණි. තවද අයි.සී.සී. නව නීති රීති අනුව මෙවන් අවස්ථාවකදී ලැබෙන එක් තරග තහනමක් සහ තරග ගාස්තුවෙන් ප්‍රතිශතයක් කපා හැරීම වැනි දඬුවමකට චන්දිමාල් යටත් කිරීමේ අවදානමක් ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් මෙම චෝදනාව චන්දිමාල්ට එල්ල වූ මොහොතේ සිටම ඔහු බොහොම සැහැල්ලුවෙන් පිටියේ හැසිරුනු ආකාරය දැක ගත හැකි වූ අතර ඒ බව වඩාත් සනාථ වන්නේ ටෙස්ට් තරගය අවසන් දිනයේද (ඊයේ) වැඩි වාසි ශ්‍රී ලංකා පිලට ලබා ගත හැකි ආකාරයෙන් ඔහු ශ්‍රී ලංකා පිල මෙහෙය වූ ආකාරය දෙස බැලීමෙනි. එසේම ඊයේ පෙරේදා දිනවලදී ඔහු ටොෆියක් හෝ එවැනි කිසිදු දෙයක් කමින් සිටි ආකාරයද පිටිය තුළදී අපිට දැක ගත නොහැකි වීමද විශේෂත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon