ඓතිහාසික නෙලුවේගෙදර ආලෝක රජමහා විහාරයේ නටබුන් විනාශයට
වඩුමුන්නේගෙදර තිළිණි පවිත්‍රා
කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුලියාපිටිය නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටා ඇති නෙලුවේගෙදර ආලෝක රජමහා විහාරස්ථානය ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයක් ලෙස හඳුන්වාදීමට මූලික වන්නේ එම විහාරස්ථානයේ වසර 2000ට වඩා ඉපැරැණි යැයි සැලකෙන සෙල්ලිපියක් දක්නට ඇති හෙයිනි. මෙම අවට ගම්මානයන්ද දේවානම්පියතිස්ස රජතුමා පිරිනැමූ ගම්මානයන් ලෙස සැලකේ.
දුටුගැමුණු රජතුමා තනනා ලද රුවන්වැලි සෑ චෛත්‍යයට තැන්පත් කිරීම සඳහා රත්හඳුන්වලින් පිළිමයක් අවශ්‍යව ඇති අතර එම පිළිමවහන්සේ මෙම ස්ථානයේ නිර්මාණය කර ඇති හෙයින් නෙලුවේගෙදර යන නම පටබැඳී ඇති බව ගම්වාසීහු පවසති.
එවැනි ඓතිහාසික පසුබිමකින් හෙබිවුවද මේ වනවිට වල්බිහිවෙමින් පවතින රජමහා විහාරයක් බවට නෙලුවේගෙදර ආලෝක රජමහා විහාරය පත්ව තිබේ.
ගලක නෙළා ඇති ඉපැරැණි සිරිපතුල් දෙකක්, මල් දෝවනය කරනා ආසනයක කොටා ඇති පැරැණි සෙල්ලිපියක්, මැටි කරඬුවක්, ගලින් නිර්මාණය කරන ලද කොත් වහන්සේ නමක් වැඩ හිඳින ඉපැරණි කවන්දයක් ඇති මෙම විහාරස්ථාන භූමිය කිසිවකුගේ අවධානයක් නොමැති වීම හේතුවෙන් මේ වන විට විනාශ වෙමින් පවතී.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය පැවතුණද ඓතිහාසික නටබුන් නිසි සංරක්ෂණයක් නොමැතිවීම හේතුවෙන් මේ වන විට විනාශමුඛයට යමින් පවතී.
නෙලුවේගෙදර ආලෝක රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි උඩුනුවර, කඹුරාදෙණියේ ඥානතිස්ස හිමියෝ විහාරස්ථාන භූමියට අයත් ඓතිහාසික නටබුන් විනාශයට යැම පිළිබඳ මෙසේ පැවසූහ.
මෙම විහාරස්ථානය වළගම්බා යුගයට අයත් විහාරස්ථානයක්. ලීලාවතී රැජිනගේත් මෙම විහාරස්ථානයට සම්බන්ධයක් තියෙනවා.
වසර 2000කට වඩා ඉපැරැණි විහාරස්ථායක්. ඉපැරැණි බෝධින් වහන්සේලා මේ භූමියේ වැඩ වෙසෙනවා. වසර 2000කට වඩා ඉපැරැණි යැයි සැලකෙන මල් දෝවනය කිරීමට තනා ඇති ගල් ආසනයක කොටා ඇති සෙල්ලිපියක් මේ වෙද්දී විනාශ වෙමින් පවතිනවා. එහි තියෙන බ්‍රාහ්මි අක්ෂර දැන් නොපෙනෙන මට්ටමට ඇවිත් තියෙන්නේ අව්වැහිවලට ලක්වෙලා. ඒ වගේම විහාරස්ථානයේ ඇති නටබුන් විශාල ප්‍රමාණයක් මේ වෙද්දී විනාශ වෙලා තියෙනවා. චෝල ආක්රමණවලින් දහසක් සෙබළු මැරුණට පස්සේ කවන්දයක් නිර්මාණය කරලා තියෙනවා.
එවැනි කවන්දයක් මේ විහාරස්ථානයේ තියෙනවා. මෙම කවන්දය නිසා මෙම විහාරස්ථානය පොළොන්නරු යුගයටත් සම්බන්ධයක් තියෙන බව පැහැදිලියි. රජයෙන් මට පහසුකම් ඉල්ලන්නේ නෑ. මතු පරපුර වෙනුවෙන් මේ නටබුන් සංරක්ෂනය කරලා දෙන්න කියලයි මම ඉල්ලන්නේ. ගලින් නෙළපු කොත් දෙකයි තියෙන්නේ.
පොළොන්නරු යුගයේ. ඒ එක කොතක් විදියට මෙය විශ්වාස කළ හැක්කේ ගලින් නිර්මාණය කරප කොතක් නිසයි. අපි රජයෙන් ඉල්ලන්නේ හැකි ඉක්මනින් මෙ නටබුන් සංරක්ෂණය කරන්න කටයුතු කරන්න කියලයි. මේ වෙද්දී නිසි සංරක්ෂණයක් නොමැතිකම නිසා නටබුන් ගොඩක් විනාශ වෙලා. මේවා තවත් විනාශ වුණොත් මතුපරපුරට මේ දේවල් දකින්න වෙන්නේ නෑ.
අද මව්බිමෙන්
- මාපියන්ට නොතෙමී ඉන්නට කාමරයක් හදා දෙන්න 🕔2019-02-15
- මා කීවේ සියලු සිංහල ගුරුවරුන් ගැන නොවේ දෙමළ නොදන්නා සිංහල ගුරුවරුන් ගැනයි 🕔2019-02-15
- මත්කුඩු ජාවාරම්කරුවන් කොටු වුණේ ස්වාධීන කොමිෂන් නිසයි 🕔2019-02-15
- ව්‍යවස්ථාදායක සභාවෙන් තනතුරු ගන්න නම් රෑට රෑට ගොස් කථානායක හමුවෙන්න ඕනෑ 🕔2019-02-15
- මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස එකතු වෙලා මෛත්‍රි-ගෝඨා මරන්න සැලසුම් කළා දැයි සැකයි 🕔2019-02-15
- ඇත්ත තිත්ත නිසා මම ඇත්ත කතා කරනවාට සමහරුන් කැමති නෑ 🕔2019-02-15
- වල් උෟරන් දෙදෙනකු මරා කැබ් රියක දමාගෙන ගිය ගම්පහ හිටපු මන්ත්‍රි අත්අඩංගුවට 🕔2019-02-15
- පාසල් සිසුවකුට පහර දුන් සිවිල් ආරක්ෂකයා අත්අඩංගුවට 🕔2019-02-15
- එක්කෝටි අනූහත් ලක්ෂයක් සාවද්‍ය පරිහරණය කළ බැංකු කළමනාකාරවරිය යළි රක්ෂිතයට 🕔2019-02-15
- විදුලි ස්ත්‍රික්කයකින් දියණියගේ අත පිලිස්සූ දෙදරු පියකුට අත්හිටුවූ සිරදඬුවමක් 🕔2019-02-15
- නිල්පනාගොඩදී කොස්තාපල්ගෙන් පහර කෑ දෙදෙනාගේ පැමිණිලි ගැන විමර්ශනය කර කරුණු වාර්තා කරන්න 🕔2019-02-15
- මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ දෙදෙනාට විශේෂ ආරක්ෂාවක් දෙන ලෙස බන්ධනාගාර අධිකාරිට නියෝග 🕔2019-02-15
- බන්ධනාගාර සිර මැදිරිය තුළට ලයිටරයක් වීසි කර පුපුරවා හැරි දෙදෙනකුට ඇප 🕔2019-02-15
- නාලක ද සිල්වාත් ඉන්දීය ජාතිකයාත් ලබන 27දා තෙක් යළිත් රිමාන්ඩ් 🕔2019-02-15
- සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර 🕔2019-02-15
- නිවෙස පරීක්ෂා කිරීමේදී වරාය සේවකයාගේ නැන්දම්මා ළඟ ගංජා කිලෝ තුනහමාරක් 🕔2019-02-15
- කොළඹ සිට කටුනායකට සුපිරි රියක ආ හෙරොයින් ජාවාරම්කරු දැලේ 🕔2019-02-15
- 'එළිය' සංවිධානයේ මූලස්ථානය විවෘත කෙරේ 🕔2019-02-15
- එල්ලන අයගේ වගතුග හතර වටෙන් ඉල්ලයි 🕔2019-02-15
- පළාත් ඡන්දය ගැන කථානායක මතය විමසීම ආණ්ඩුවේ උප්පරවැට්ටියක් - විජයදාස රාජපක්ෂ 🕔2019-02-15