ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි ප්‍රහාරයකින් මරුට

  👤  1898 readers have read this article !
Published by : MB WEB 2018-06-20 12:43:16

"ටි්‍රබල් එක්ස්ටෙන්ටේෂන්" නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇමෙරිකානු ජාතික රැප් ගායකයාව නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩිතබා ඝාතනය කර ඇත.

දකුණු දිග ෆ්ලොරීඩා වෙළෙඳසලක් ඉදිරිපිටදී ඔහුට වෙඩි තබා තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් පසුව ටි්‍රබල් එක්ස්ටෙන්ටේෂන් නමින් ප්‍රකට ජාහ්සේහ් ඔන්ෆ්‍රොයිව රෝහල්ගත කර ඇති අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පවසයි. ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව තුවක්කුකරු අඳුරු වර්ණයෙන් යුත් එස්.යූ.වී. රථයකින් පලාගොස් ඇති බවද පෙලිසිය ප්‍රකාශ කරයි.

කෙටි කාලයකින් ජනප්‍රියත්වයට පත්වූ ඔහුට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ සිද්ධීන් පහළොවකට වැඩි නඩු පවරා ඇති අතර මෙයද එවැනි සිද්ධියකට අදාළ තත්ත්වයක් විය හැකි බව පොලිසිය පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon