චන්දිමාල්ට තෙවැනි තරගයත් තරග මුදලත් අහිමිවෙයි 

  👤  1300 readers have read this article !
Published by : MB WEB 2018-06-20 14:04:08

ශ්‍රී ලංකාව හා කොදෙව් දූපත් අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළායැයි චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එම චෝදනාව හේතුවෙන් තෙවැනි ටෙස්ට් තරගය මෙන්ම ඔහුට හිමිවන තරග දීමනාවෙන් සම්පූර්ණයෙන්ම (100%ක්ම) කපා දැමීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර 23දා පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය (දිවා-රාත්‍රී) චන්දිමාල්ට අහිමි වී ඇති අතර, පන්දුව පළුදු කිරීම හේතුවෙන් ඔහුට හිමිවන තරග මුදලද අහිමි වී ගොස් තිබේ.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා-කොදෙව් තරග තීරක ජයගල් ශ්‍රීනාත් සඳහන් කර ඇත්තේ අයි.සී.සී. තරග නීති යටතේ චන්දිමාල් උපරිම දඬුවමකට යටත්ව ඇති බවය.

"තරගයේ පුනරූපනවලින් පැහැදිලිව පේනවා චන්දිමාල් සාක්කුවෙන් යමක් ගෙන කට තුළට දමා ගන්නා ආකාරයත් ඉන් අනතුරුව කෙළ වැනි යමක් පන්දුවේ තවරණ ආකාරයත්. මෙය දැඩි දඬුවමකට යටත් විය හැකි කරුණක්" යනුවෙන්ද ශ්‍රීනාත් සඳහන් කර තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon