සෙලාන් බැංකු කණ්ඩායමට වෙළෙඳ සේවා හොකී ශූරතාව

  👤  1435 readers have read this article !
Published by : MB WEB 2018-06-21 11:03:01

දෙමෝදර-ජයලත් දිසානායක

වෙළෙඳ සේවා හොකී තරගාවලියේ සී. කොටසේ අවසන් තරගය ටොරින්ටන් හොකී ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැත්විණි.

පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැති මෙම තරගාවලිය සඳහා ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ සේවා කණ්ඩායම් 12ක් සහභාගි විය. මෙහිදී අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ සෙලාන් බැංකු කණ්ඩායම හා එච්.එස්.බී.සී. කණ්ඩායමයි. අවසන් තරගයේදී ගෝල 3ට 1ක් ලෙස ලබාගනිමින් සෙලාන් බැංකු කණ්ඩායම ශූරතාවට හිමිකම් කියන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon