අවසන් පූර්ව වටයේ තරග 23-24දා

  👤  1103 readers have read this article !
Published by : MB WEB 2018-06-21 15:37:55

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් නෙස්ලේ ලංකා සමාගමේ "මයිලෝ" අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ මයිලෝ පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ජුනි 23 හා 24 යන දෙදින සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ශා.ජෝශප්, කිංස්වුඩ්, වෙස්ලි හා ශා. පීතර විදුහල් කණ්ඩායම් සුදුසුකම් ලැබීමට සමත්ව සිටී.

එහිදී 23දා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය සඳහා ශා.ජෝශප් හා කිංස්වුඩ් කණ්ඩායම්ද, 24දා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා වෙස්ලි හා ශා. පීතර යන කණ්ඩායම්ද සුදුසුකම් ලබා තිබේ.

කෙසේ වෙතත් පැවැති පළමු වටයේ තරගවලදී ශා.ජෝශප් කණ්ඩායම විසින් 45-17ක් ලෙස කුරුණෑගල මලියදේව කණ්ඩායමත්, කිංස්වුඩ් කණ්ඩායම විසින් 24-15ක් ලෙස මහනුවර ත්‍රිත්ව කණ්ඩායමත්, වෙස්ලිකණ්ඩායම විසින් 22-15ක් ලෙස ඉසිපතන කණ්ඩායමත්, ශා.පීතර කණ්ඩායම විසින් 39-12ක් ලෙස ශා. අන්තෝනි කණ්ඩායමත් පරාජය කර තිබිණි.

මේ අතර ජනාධිපති කුසලාන අවසන් තරග ජුනි 30 වැනිදාත්, අගමැති හා සභාපති කුසලාන අවසන් තරග ජූලි 01 වැනිදාත් තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon