සුන්දර නුවරඑළියේ අසුන්දර සේයා

  👤  1835 readers have read this article !
Published by : MB WEB 2018-06-22 08:17:00

හැටන් _ චන්න අද්දරගේ

නිදැල්ලේ සැරිසරන පෝනියෝ රංචුවක් නිසා නුවරඑළිය නගරයට පිවිසෙන ජනතාව මෙන්ම රියැදුරෝ විවිධ අපහසුතාවන්ට මුහුණපෑමට සිදුවන බවට මැසිවිලි නඟති.

නුවරඑළිය නගරය යනු දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. නිවාඩු දිනවලදී මෙරට සංචාරකයන් බොහෝමයක් නිවාඩු ගත කිරීම සඳහා මෙන්ම පාරිසරික සුන්දරත්වය විඳීම සඳහාද නුවරඑළියට පැමිණෙති. වසන්ත සමය යනු නුවරඑළිය සැණකෙළි භූමියකි. නගරයේ අලංකාරයට සාධකයක් වුවද නගරයේ ප්‍රධාන මාර්ග වෙත පිවිසෙන රියැදුරන් දැඩි දුෂ්කරතාවකට පත්වනුයේ එම වීදිපුරා සැරිසරන පෝනියන් රැළක් නිසාය. මෙම සත්ත්වයන් නිසා රිය අනතුරු සිදුවීමේ අවදානමක් පවතින අතර එය එම සතුන්ගේ සේම මහමඟ ගමන් කරන පදිකයන්ගේ හා පාරේ ගමන් කරන පුද්ගලයන්ගේ ජීවිත අහිමිවීමේ හා තුවාල සිදුවීමේ අවදානම් තත්ත්වයකි. මේ නිසා විශේෂයෙන්ම පාපැදි හා යතුරපැදිකරුවන්ට අත්විඳීමට සිදුව ඇති දුෂ්කරතා බොහෝය.

එමෙන්ම මෙම සතුන් නගරයේ තැන තැන සැරිසරමින් අපවිත්‍ර කිරීම නිසා නගරය පුරා අප්‍රසන්න හා දුර්ගන්ධය පැතිරෙමින් පවතින අතර ජනතාව පවසන්නේ මේ පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ අවධානය යොමු විය යුතු බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon