චන්දිමාල්ගේ අභියාචනය විභාගය අද

  👤  1486 readers have read this article !
Published by : MB WEB 2018-06-22 10:02:26

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට අයි.සී.සී. ය විසින් පනවන ලද තරග තහනමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය විභාග කිරීම අද දිනයේ සිදුකරන බව අයි.සී.සී.ය ඊයේ නිවේදනය කළේය. ඒ අනුව එම පරීක්‍ෂණ කටයුතු මෙහෙයවීමේ අධිකරණ කොමසාරිස් වරයා ලෙස අයි.සී.සි. නීති කොමිසමේ සභාපතිවරයා වන මයිකල් බිලොෆ් මහතා පත්කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.


ඒ අනුව අද (22දා) පැවැත්වෙන අභියාචනා විභාගය දෙපාර්ශ්වයේම නීති නිලධාරීන් සහ ශ්‍රී ලංකා නායක චන්දිමාල් දුරකථන මාර්ග හෝ වීඩියෝ තාක්‍ෂණය යොදා ගෙන සාකච්ඡාමය අයුරින් පැවැත්වීමට සැලැසුම් කර ඇත. ඉන් පසුව මෙකී පරීක්‍ෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය පරිදි දැනුම් දීමටද අයි.සී.සී. කටයුතු කරනු ඇතැයි පැවැසෙන අතර, මෙහි තීන්දුව අනුව ශ්‍රී ලංකා නායකයාට හෙට තරගයට සහභාගි වීමට හැකිද නැද්ද තීරණය වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon