කුණු වෙනුවෙන් හඬ නැඟූ අනුෂ්කා

  👤  1269 readers have read this article !
Published by : MB WEB 2018-07-01 17:16:47

බොලිවුඩ් රංගන ශිල්පිනියක් හා නිෂ්පාදිකාවක් වන සුරූපී අනුෂ්කා ෂර්මා රසික ආදරය ඉක්මනින්ම දිනා ගන්නට සමත් වුණා. ඇය රංගනයෙන් දායක වූ ප්‍රථම චිත්‍රපටයත් අතිශය සාර්ථකත්වයට පත්වූවක්. වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට සාර්ථක වෙන අනුෂ්කා පරිසරයටත් අසීමිතව ආදරය කරන බව රසිකයන්ට දැනගන්නට ලැබෙන්නේ ට්විටර් සමාජ ජාලය හරහා හුවමාරු වූ ඇගේ වීඩියෝ පටයකින්.

අනුෂ්කා සිය සැමියා විරාත් කෝලි සමඟ ඇගේ වාහනයෙන් ගමන් ගන්නා අතරතුරදී දකින සිදුවීමක් නිසා මාර්ගයේ ගමන් ගත් වාහනයක සිටි අයෙක්ට බැනවදින අවස්ථාවක් වීඩියෝ ගත කරමින් ට්විටර් වෙබ් අඩවියට එක්කර තිබුණේ විරාත් කෝලිමයි. යම් පුද්ගලයෙක් වාහනයකින් පැමිණ පාරට කුණු බෑගයක් විසි කරන බව දුටු අනුෂ්කා ඇගේ වාහනයේ සිටම එම පුද්ගලයාට බැන වැදුණේ දැඩි අප්‍රසාදයකින්.

මේ වීඩියෝව ගොඩාක් දෙනා අතර හුවමාරු වුණා. නිළියක් විදියට විතරක් නෙවෙයි පරිසර හිතකාමී කෙනෙක් විදියටත් ඇය කළ මේ ක්‍රියාව හැමෝම අගය කර තිබුණා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon