ඒකාබද්ධයේ විශේෂ රැස්වීම් 2ක් අද ශ්‍රී ලනිප 16ත් යති

  👤  1502 readers have read this article !
Published by : MB WEB 2018-07-02 13:38:19

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීම් දෙකක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) දින කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතයි.

අද සවස 4.00ට මුලින්ම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්වන අතර සවස 6.00ට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සහ ශ්‍රී ලනිප 16 දෙනාගේ කණ්ඩායම එක්වී රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී ආණ්ඩුවට එරෙහිව ක්‍රියාකරන ආකාරය පිළිබඳව ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව කටයුතු කරන ආකාරය ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් ඊට අමතරව වර්තමාන දේශපාලන තත්ත්වය ගැනද මෙහිදී සාකච්ඡා කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon