සතිස්චන්ද්‍ර, රොඩ්නි නොබිඳුණු විශ්වාසය රකින්නට එක් වූ හැටි
මෙරට රූපවාහිනි වෙළෙඳ දැන්වීම් ටෙලි නාට්‍යවලට වඩා නිර්මාණාත්මකයි කියලා බොහෝ දෙනා විශ්වාස කරන කාරණයක්. කාලෙන් කාලෙට බිහිවන සමහර වෙළෙඳ දැන්වීම් අපේ මතකයේ තියෙන්නේ අන්න ඒ නිර්මාණාත්මක බව නිසයි. එවැනි දැන්වීමක් මේ දිනවලත් රූපවාහිනිය ඔස්සේ දිගහැරෙනවා. එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ 'යස ඉසුරු' ස්ථාවර තැන්පතුව පිළිබඳව ප්‍රචාරය කෙරෙන දැන්වීමයි ඒ.
ප්‍රවීණ රංගධර සතිස්චන්ද්‍ර එදිසිංහ හා රොඩ්නි වර්ණකුල මේ සඳහා රංගන දායකත්වය ලබා දෙනවා. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මෑතකාලීනව ටෙලි නාට්‍ය හෝ සිනමා නිර්මාණවල එතරම් දැකිය නොහැකි වුවත් මෙම වෙළෙඳ දැන්වීම හරහා ඔහු නැවතත් ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වන චරිතයක් වෙලා. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ මූල්‍ය ක්ෂේත්රයේ නොබිඳුණු විශ්වාසයක් රැකි එල්.බී. ෆිනෑන්ස් ආයතනය මූල්‍ය සමාගම් අතර ඉදිරියෙන්ම සිටින ආයතනයක් නිසාත් රංගධර දෙපළගේ විශිෂ්ට ඉදිරිපත් කිරීම නිසාත් වෙළෙඳ දැන්වීමට ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. මේ පිළිබඳවත්, කලා ජීවිතයේ තොරතුරු දැනගන්නත් අපි ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් සම්බන්ධ කර ගත්තා.
"මගේ සැ¼දෑ සමය ගත වෙන්නේ සමාජ සේවා කටයුතු වෙනුවෙන්. ටෙලි හෝ සිනමා නිර්මාණයන් සඳහා අද මම සම්බන්ධ වෙන්නේ ඉතාමත් අඩුවෙන්. මගේ සභාපතිත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන සංස්කෘතික පදනම මඟින් වාර්ෂිකව සංවිධානය කරන උළෙල සඳහා මේ දිනවල සූදානම් වෙනවා. ජාතික තලයේ විශිෂ්ටතා දැක්වූ 16 දෙනකුට මෙහිදී සම්මාන ප්රදානය කෙරෙනවා. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් නැති කිහිපදෙනකුට මුදල් පරිත්‍යාග කිරීමත් මෙහිදී සිදු වෙනවා. මේ වසරේදී අපි ලතා වල්පොළ හා සිබිල් වෙත්තසිංහ මහත්මිය විශේෂ ඇගැයීමකට ලක් කරනවා. ඒ වාගේම පරිත්යාගශීලීන්ගෙ උදවු ඇතිව දිළිඳු පාසල්වල දරුවන්ට පාසල් පොත්, බෑග්, සපත්තු වැනි දේ ලබාදීමත් සිදු කරනවා.
එල්.බී. ෆිනෑන්ස් ආයතනයේ වෙළෙඳ දැන්වීමට සම්බන්ධ වෙන්න විශේෂ හේතුවක් තිබුණද?
මුලින්ම කියන්න ඕනි දෙයක් තියෙනවා. මෙතැනදී මම මට ලැබෙන මුදල ගැන හිතුවේ නෑ. වෙළෙඳ දැන්වීම ඉදිරිපත් කරන ආයතනය මොකක්ද, සේවය මොකක්ද, එයින් ජනතාවට ඇති වැදගත්කම මොකක්ද කියන කාරණා ගැන මම මූලිකව හිතුවා. ලංකාව කියන්නේ මුළුමනින්ම බොරුව රජයන රටක්. එහෙව් රටක යම් භාණ්ඩයක් හෝ සේවයක් ගැන විශ්වාසයක් ඇති කරනවා කියන්නේ හරිම අමාරු වැඩක්. මගේ ඇති දැනුමත්, පිළිගැනීමත් හමුවේ එල්.බී. ෆිනෑන්ස් ආයතනය මා හරහා තම සේවාව පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟීමට ගත් උත්සාහය මම අගය කරනවා. මෙම දැන්වීම සඳහා මම සහභාගි වුණේ හරිම කැමැත්තෙන්. මම සහ රොඩ්නි මෙම දැන්වීමට අපූරුවට ගැළපුණා කියලා හිතනවා.
මේ පිළිබඳව කතා කරන්න අපි රොඩ්නි වර්ණකුලත් සම්බන්ධ කරගත්තා.
"එල්.බී. ෆිනෑන්ස් ආයතනය ගැන මා තුළ විශ්වාසයක් ඇති කළේ මෙම වෙළෙඳ දැන්වීමෙහි නිර්මාණ අධ්යක්ෂ චන්දිමාල් විතානගේ. මුල ඉඳලම මෙම දැන්වීමෙහි තිබූ නිර්මාණාත්මක බව හා එය නිර්මාණය කිරීම උදෙසා තිබූ සැලසුම් සහගත බව මගේ හිත ගත්තා. ආයතනය සතු ප්‍රෞඪත්වය හා විරාජකම පළමු රූප රාමුව තුළම තියෙනවා. අනෙක මේ මගෙත්, සතිස් මහත්තයාගෙත් සාමාන්‍ය ජීවිතයේ හැසිරීමමයි.
රොඩ්නිගේ අලුත් නිර්මාණ කටයුතු ගැනත් කතා කරමු.
"ගිරාරාජ් කෞශල්‍යගේ 'කතුරු මිතුරු' චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ල අවසන් කළා. මේ වසර අවසානයේදී එම චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන් වෙයි. මමත්, සමන් ලෙනින් හා කුමාර තිරිමාදුර ඉදිරිපත් කරන "ඊඩපඥඥ ටචජඥ" මැයි 18 ඕර්ධ්ඛ්ඩ්හිදී වේදිකාගත වුණා. එය දිගටම කරගෙන යන එකත් මගේ එක් බලාපොරොත්තුවක්.
ඊළඟට අපි කතාබහ කළේ මෙම දැන්වීමෙහි නිර්මාණ අධ්යක්ෂ ඪජධද ථඥඤඪචහි චන්දිමාල් විතානගේට. 'යස ඉසුරු' ස්ථාවර තැන්පතුව විශ්වාසයෙන් යුතුව ජනතාව අතරට ගෙන යෑමේ සම්පූර්ණ වගකීම ඔහු සතු වූ බව කිවහොත් එය ඉතාම නිවැරැදියි.
"බහ තෝරන වයසේ සිට ජේයෂ්ඨතම පුරවැසියා දක්වා මෙම සේවය ව්‍යාප්ත කරලීමේ අරමුණ ඇතිවයි මම මේ වගකීම භාරගත්තේ. විශ්වසනීය තැන්පතුවකට හොඳම සහතිකය මේ කලාකරුවන් දෙදෙනා හරහා ගෙනියන්න මට පුළුවන් වුණා කියන විශ්වාසය මා තුළ තියෙනවා. ලංකාවේ වැඩිම මුදල් ප්‍රමාණයක් තියෙන තැන තමන්ගේ මුදල් පරිස්සම්ද කියලා මිනිසුන්ට අවිශ්වාසයක් හිතන්න බැරි වෙන්නයි අපි සතිස් මහත්තයා වගේම රොඩ්නි මේ දැන්වීමට තෝරගත්තේ. සතිස්චන්ද්‍රයන් කියන්නේ බොහෝ කලක සිට අප හඳුනන ප්රබුද්ධ ගණයේ චරිතයක්. රොඩ්නි දවසින් දවස තරුණ වන කෙනෙක්. අදට වුණත් පාසල් ඇඳුමක් අන්දවලා පාසල් යවන්න පුළුවන්. අවුරුදු තුනේ දරුවා පවා රොඩ්නිව හඳුනනවා. ආයතනවල තියෙන ඔතෑනි බව එල්.බී. ෆිනෑන්ස් ආයතනය සතුව නැහැයි කියලා පෙන්වන්න රොඩ්නි මනා පිටිවහලක් වුණා. මේ අයගේ පෞද්ගලික ජීවිතත් අති සාර්ථකයි. මේ සියලු දේ මුසු වීමෙන් වෙළෙඳ දැන්වීමට ලැබෙන්නේ ඉතාමත් ධනාත්මක ප්‍රතිචාර.
චාමිණි ගම්මනපිල
අද මව්බිමෙන්
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20
- එජාපය ප්රමුඛ කණ්ඩායම පරාජය කිරීමට නම් එජාප විරෝධී බලවේග එකම පෙරමුණකින් තරග කළ යුතුයි 🕔2019-02-20
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අස්සන සමඟ උප්පැන්න සහතිකය භාෂා ත්‍රිත්වයෙන්ම 🕔2019-02-20
- අතීතය නමැති තුවාලය පාරමින් වෛර කර පලක් නෑ 🕔2019-02-20
- අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම මධුෂ්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැළිකමක් දක්වනවා 🕔2019-02-20
- දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ 🕔2019-02-20
- පසුගිය වසර තුළ පොල් රට පැටවීමෙන් බිලියන 95ක ආදායමක් 🕔2019-02-20
- යක්කුරේ කනිටු විදුහලේ ක්‍රීඩා උළෙල වර්ණවත් වෙයි 🕔2019-02-20
- දරුවෝ සුරකිමු 🕔2019-02-20
- උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ ධීවරයන් තවදුරටත් මෙරට අත්අඩංගුවේ 🕔2019-02-20
- 2018 වසරේ අලි මරණ 311ක් 🕔2019-02-20
- පලාලි සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාව හා පලාලි අතර වූ ගිවිසුම වෙනස් කිරීමට තීරණ 🕔2019-02-20
- රජයේ විධායක නිලධාරීන් 27දා සංකේත වර්ජනයක 🕔2019-02-20
- සිමෙන්ති කොට්ටය රු. 100කින් ඉහළට 🕔2019-02-20
- උ.පෙළ - 2019 අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනයන් ප්‍රකාශයට පත්කෙරේ 🕔2019-02-20
- ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා සතොස නිලධාරියකු පැහැර ගත් හය දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග 🕔2019-02-20
- මවට පිහියෙන් ඇන ඇතැයි සිතූ තරුණ බිරිය සැමියාට පොරොවෙන් කොටලා 🕔2019-02-20
- අවිවාහක තරුණියකට උපන් දරුවා හදාවඩා ගන්නට වෙනත් මවකට දීලා 🕔2019-02-20