ශූරතාව මියුසියස් විදුහලට

  👤  1099 readers have read this article !
Published by : MB WEB 2018-07-02 18:06:24

කොළඹ මියුසියස් විද්‍යාලය හා කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර 'මාරි මියුසියස් - රෝහිණී අලස්' අභියෝගතා කුසලාන වෙනුවෙන් පළමු වරට පැවැති දැල්පන්දු තරගාවලියේ ශූරතාව හිමිකරගන්නට කොළඹ මියුසියස් විද්‍යාලය සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා (30දා) පැවැති මෙම තරගාවලියේදී 'මාරි මියුසියස් - රෝහිණී අලස්' අභියෝගතා කුසලාන සඳහා වූ අවුරුදු 20න් පහළ තරගයේදී මියුසියස් විද්‍යාලය හමුවේ ගේට්වේ විදුහල ලකුණු 27-25ක් ලෙස පරාජය විය.

දෙපිලම ඉතා තියුණු සටනක නිරත වූ එම තරගයේ පළමු කාර්තුව දෙපිලම ලකුණු 7-7ක් ලෙස නිම කළ අතර, දෙවැනි කාර්තුව නිම වන විට ලකුණු සටහන 14-13ක් ලෙසට ගේට්වේ විදුහල එක් ලකුණක් ඉදිරියෙන් සිටියේය. තෙවැනි කාර්තුව නිම වන විටද එක් ලකුණක් ඉදිරියෙන් සිටීමට ගේට්වේ කණ්ඩායම සමත් වූ අතර ලකුණු සටහන 21-20ක් ලෙස දැක්විණි. කෙසේ වෙතත් සිවු වැනි කාර්තුවේදී දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක නිරත වූ මියුසියස් කණ්ඩායම තරගය නිමා වන විට 27-25ක් ලෙස තරගය ජය ගැනීමට සමත් වූයේ, තියුණු තරගයක නිමාව සටහන් කරමිනි.

මේ අතර මියුසියස් විද්‍යාලය හා ගේට්වේ විදුහල අතර පැවැති අවුරුදු 15න් පහළ තරගයද ලකුණු 17-5ක් ලෙස ජයගන්නට සමත් වූයේ මියුසියස් විදුහල් කණ්ඩායමයි. එමෙන්ම කොළඹ විශාකා විද්‍යාලය හා මහනුවර ගේට්වේ විදුහල අතර ප්‍රදර්ශන තරගයක්ද පැවැත්වුණු අතර, එම තරගයේදී ලකුණු 15-5ක් ලෙස ජය ගැනීමට විශාකා විදුහල් කණ්ඩායම සමත් විය.

තවද, එදින තරග පැවැත්වෙන අතරතුරදී ගේට්වේ විදුහලේ සම නිර්මාතෘ රෝහිණී අලස් මහත්මියගේ ජන්ම දින සැමරුමද ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පමෝදා ජයසේකර(මියුසියස් විද්‍යාලය) දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත්, දිල්මි විජේනායක(මියුසියස් විද්‍යාලය) දක්ෂතම විදින්නිය ලෙසත්, අවුරුදු 20න් පහළ කාණ්ඩයෙන් සම්මාන දිනාගත් අතර, එම කාණ්ඩයේ දක්ෂතම ආරක්ෂිකාව ලෙස අනීෂා පෙරේරා(ගේට්වේ විදුහල) සම්මාන දිනාගත්තාය.

අවුරුදු 15න් පහළ තරගයේ එම සම්මාන ත්‍රිත්වයම මියුසියස් විදුහලට හිමි වූ අතර, මෙලීනා රොබට් දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත්, කෙවින්්‍යා රාජපක්ෂ දක්ෂතම විදින්නිය ලෙසත්, නෙතංගා ගුණසේකර දක්ෂතම ආරක්ෂිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon