විලාසිතා නිසා ලැජ්ජාවට පත්වූ බොලිවුඩ් නිළියන්

  👤  2414 readers have read this article !
Published by : MB WEB 2018-07-04 17:17:01

පසුගිය දවසක කොළඹ සුපිරි හෝටලයක මහත් ඉහළින් සැමරුව චන්දිමාල්ගේ උපන්දින සාදය කාගේත් අවධානයට ලක්වුණේ මේ සාදයට එක්වුණු රංගන ශිල්පිනියන්ගේ ඇඳුම් විලාසිතා නිසයි. ගොඩාක් දෙනා මේ ඇඳුම් විලාසිතා ගැන විවේචනය කළ නිසාම රංගන ශිල්පිනියනුත් ලොකු අපහසුතාවකට පත්වුණා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම අවධානය දිනාගත්ත බොලිවුඩ් තරුත් මේ විදියටම ඒ අයගේ ඇඳුම් විලාසිතා නිසා ප්‍රසිද්ධියේම මාධ්‍ය ඉදිරියේ අපහසුතාවට පත්වෙලා තියෙනවා. මේ කතා කරන්නේ ඒ ගැන.

දීපිකා පදුකෝන්
බොලිවුඩ් නිළියක් විදියට සාර්ථක වූ සුරූපී දීපිකා පදුකෝන්ට හොලිවුඩ් සිනමාවට එන්න අවස්ථාව ලැබෙන්නේ යයය අඥබභපද ධට යචදඤඥප ජචඨඥ චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටයේ මංගල දර්ශනය අවස්ථාවේ දීපිකා ඇඳ සිටි ඇඳුම් විලාසිතාව කාගේත් අවධානය දිනා ගත්තා. රන්වන් පැහැති දිග ගවුම් විලාසිතාවේ ඉදිරිපසින් යෙදූ වී හැඩැති විවරය නිසා ඇගේ පපු පෙදෙස වැඩියෙන් නිරාවරණය වීමත් ගොඩක් දෙනාගේ අප්‍රසාදයට හේතුවක් වුණා. මාධ්‍ය අසන ප්‍රශ්නවලටත් දීපිකා උත්තර දුන්නේ කරට අත තබාගෙන තරමක් අපහසුතාවකින්. ඇගේ මේ විලාසිතාව ගැන රසිකයොත් කතා කළේ අප්‍රසාදයකින්.

සෝනම් කපූර්
විලාසිතා ගැන ගොඩක් උනන්දු වන තරුවක් විදියට තමයි සෝනම් ප්‍රසිද්ධ වන්නේ. ඇය මුම්බායිවල පැවැත්වුණ උත්සවයකදී ඇඳ සිටි කළු පැහැති ගවුම් විලාසිතාව ආකර්ෂණීය වුණත් ඇයගේ අත යටින් වූ විවරය නිසා පපු පෙදෙසත් තරමක් නිරාවරණය වුණා. උත්සව අවස්ථාවට ගැළපෙන අගනා විලාසිතාවක් වුණත් සෝනම්ගේ මේ විලාසිතාවට ගොඩාක් දෙනා චෝදනා කළා. පසුව මාධ්‍ය ජාල හරහා ව්‍යාප්ත වූ මේ ඡායාරූපවලටත් ඇයට හොඳ ප්‍රතිචාරයක් නම් ලැබුණේ නැහැ.

කන්ගනා රනවුත්
ම්පපඪඵඩ 3 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පෙනී සිටි කන්ගනා එහි මංගල දර්ශනය අවස්ථාවේදී ඇඳ සිටි ගවුම් විලාසිතාව ගොඩාක් දෙනා අතර කතාබහට ලක් වුණා. සුදු පැහැති දිග හරිම ආකර්ෂණීය ගවුම් විලාසිතාවකින් හැඩවුණ කන්ගනාගේ ඉණෙන් පහළ පිටුපස පෙදෙස නිරාවරණය වූ නිසා ඇය ගොඩක් අපහසුතාවටත් ලක්වුණා.
ඇගේ ගවුම ඉදිරිපස පපු පෙදෙස සුදු පැහැති පිහාටුවලින් අලංකාරව නිමවා තිබුණත් ගවුම පිටුපස සුදු රැලි අතරින් ඇගේ සිරුරේ ආවරණය විය යුතු පෙදෙසක් හොඳින් නිරාවරණය වී තිබෙන ඡායාරූපත් වෙබ් අඩවිවල පළ වුණා.

කත්‍රිනා කයිෆ්
ගොඩක් වෙලාවට කෙටි ඇඳුම් විලාසිතාවලින් හැඩවෙන කත්‍රිනා මේ හේතුව නිසාම මාධ්‍ය ඉදිරියේ අපහසුතාවටත් පත්වෙලා තියෙනවා. මාධ්‍ය හමුවකදී ඇය ඇඳ සිටි රෝස පැහැති කොට ගවුම් විලාසිතාව කත්‍රිනාට හුරුබුහුටි සුන්දරත්වයක් එක් කළත් ඇය වේදිකාව මත සිටියදී ගත් ඡායාරූපවලින් ඇගේ සිරුර නිරාවරණය වී තිබීම පෙනීම නිසා ඇය මාධ්‍ය ඉදිරියේ ලොකු අපහසුතාවකට ලක්වුණා.

කරීනා කපූර්
බොලිවුඩ් නිළියන් අතර ඉහළින්ම සිටින තරුවක් වූ කරීනාගේ විලාසිතාත් හරිම ආකර්ෂණීයයි. කරීනා ඇගේ විලාසිතා ගැන කොයි තරම් උනන්දු වුණත් දිනක් ඇය සහභාගි වූ උත්සවයකදී ඇඳ සිටි සාරි විලාසිතාව ගැන කවුරුත් කතා කළේ සාරි ජැකට් එකෙහි පටියේ රඳවා තිබූ පින් එකක් නිසයි. විලාසිතා ගැන උනන්දු වන සුරූපී නිළියක් වුණත් ඇගේ මේ අතපසුවීම නිසා ඇය මාධ්‍ය ඉදිරියේදීත් අපහසුතාවට පත්වුණා.

ආලියා බාත්
ආලියා බාත් ඇගේ ඇඳුම් විලාසිතා නිසා කිහිප සැරයක්ම මාධ්‍ය ඉදිරියේ අපහසුතාවට ලක්වුණ තරුවක්. වරුන් දාවන් සමඟ මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අවස්ථාවකදීත් ඇගේ දුහුල් ඇඳුම් විලාසිතාවෙන් සිරුරේ පිටුපස පෙදෙස නිරාවරණය වීම ගැනත් මාධ්‍යවල විවේචන පළ වුණේ ඡායාරූපත් සමඟයි. මේ විදියට ආලියා ඇගේ ඇඳුම් විලාසිතා නිසා ප්‍රසිද්ධියේ අපහසුතාවට පත්වූ අවස්ථා කිහිපයක්ම තිබෙනවා.

ප්‍රියංකා චොප්රා
ප්‍රියංකාත් විවිධ විලාසිතා කරන විලාසිතාවලට බොහෝ ප්‍රිය කරන තරුවක්. 2017 වසරේදී ඔස්කාර් උළෙලට ඇය සහභාගි වුණේ අමුතුම හැඩයේ ගවුම් විලාසිතාවකින්. මේ ඇඳුමේ ඉණෙන් උඩ ඉදිරිපස හා පිටුපස පළුව එකිනෙකට සම්බන්ධ නොවෙන ආකාරයට බෝඩ් එකක් ලෙස නිමවා ගත් නිසා අත යටින් ඇගේ පපු පෙදෙසත් තරමක් නිරාවරණය වුණා. සුදු පැහැයෙන් නිමවාගත් මේ විලාසිතාවටත් එතරම් හොඳ ප්‍රතිචාරයක් නම් ලැබුණේ නැහැ.

අයිශ්වර්යා රායි
රූ රැජනක් විදියට ලෝකයේම අවධානය දිනාගත් අයිශ්වර්යා රායි ගැන නිතරම කටකතා පැතිරෙනවා. විවිධ විලාසිතා තමන්ගේ සිරුරට ගැළපෙන්න තෝරා ගත්තත් නොදැනුවත්ව මාධ්‍යවලින් ගන්න ඡායාරූප නිසා අයිශ්වර්යාත් වරක් අපහසුතාවට පත්වුණා.
මනිෂ් මල්හෝත්‍රාගේ නිවෙසේ සාදයකට අයිශ්වර්යා සිය සැමියා වන අභිෂේක් සමඟ සහභාගි වී පිටව යන විට සිය රථයේ හිඳගත් අයිශ්ගේ ඩෙනිම් ගවුමේ විවරයෙන් ඇගේ සිරුර නිරාවරණය වීම ගැන විවිධ කටකතා පැතිරුණේ මේ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් වෙබ් අඩවිවල පළ වීමත් සමඟයි..

ශාලිකා රංගනි සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon