සිරියාවේ හෝම්ස් නගරයේදී ඉස්ලාමීය රාජ්‍ය නායකයාගේ පුත්‍රයකු ඝාතනය කරයි

  👤  2073 readers have read this article !
Published by : MB WEB 2018-07-05 10:41:23

ඉස්ලාමීය රාජ්‍ය නායක අබුබක් අල්-බැග්ඩාඩිගේ පුත්‍රයකු සිරියාවේදී ඝාතනය කර ඇතැයි අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අයත් ප්‍රවෘත්ති නාළිකාවක් වාර්තා කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සිරියාවේ හෝම්ස් නගරයේදී හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී ඔහුව ඝාතනය කර ඇති බව එම වාර්තා ප්‍රකාශ කරයි.

අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම හෝම්ස් නගරයේ පිහිටි තාප බලාගාරයකට පහරදීමට පැමිණි අවස්ථාවේදී ප්‍රහාරය එල්ල කළ බව හෝම්ස් නගරයේ සිටින හමුදා අංශ මාධ්‍ය වෙත දන්වා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon