ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්

  👤  2020 readers have read this article !
Published by : MB WEB 2018-07-05 10:10:46

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පත් කර තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර ආසනයේ නව ආසන සංවිධායකවරිය වශයෙන් රාජ්‍ය ඇමතිනි ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය පත් කර ඇත.

එම මහත්ම මහත්මීන් ඊයේ(04) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

මේ අතර අදාළ ආසනවල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරුන් වශයෙන් ද ජනාධිපතිතුමා විසින් එම මහත්ම මහත්මින් පත් කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon