ලංකාවෙන් ක්‍රීඩක-ක්‍රීඩිකාවෝ 185ක්

  👤  1578 readers have read this article !
Published by : MB WEB 2018-07-05 12:45:30

විචිත්‍ර වීරසිංහ

අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට 185කින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරවීමට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව පිහිනුම්, මලල ක්‍රීඩා, දුනු විදීම, බැඩ්මින්ටන්, බේස්බෝල්, බොක්සිං, බාස්කට් බෝල්, ගොල්ෆ්, ජිම්නාස්ටික්, හොකී, ජූඩෝ, කබඩි, සත් සාමාජික රග්බි, ස්කොෂ්, මේසපන්දු, ටෙනිස්, වොලිබෝල්, බර ඉසිලීම, මල්ලවපොර, වූෂු වැනි ක්‍රීඩා ඉසව් 28ක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 138ක් හා ක්‍රීඩිකාවන් 47ක් මෙම උළෙල නියෝජනය කිරීමට අවකාශය සැලසී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසා ඇත්තේ සෑම ක්‍රීඩා සංගමයකටම වැදගත් පණිවුඩයක් මෙයින් ලබා දෙන බවය. "පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලට ලංකාවෙන් සහභාගි වුණේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 80 දෙනකු පමණයි. ඒත් මෙවර අපි එය දෙගුණයකටත් වඩා වැඩි කිරීම තුළින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ සාර්ථකත්වය ළඟා කරගැනීමට හැකි වනවා වගේම ක්‍රීඩා සංගම් වුණත් මේ තුළින් යම් පිබිදීමකට ලක් වෙනවා" යැයිද ලේකම්වරයාගේ අදහස විය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon