තායි පාපන්දු කණ්ඩායම හිර වී සිටින ලෙනේ ජල මට්ටම තවත් ඉහළට

  👤  1729 readers have read this article !
Published by : MB WEB 2018-07-06 11:05:48

තායිලන්ත පාපන්දු කණ්ඩායමක් සිර වී සිටින ලෙන තුළ ජල මට්ටම ඉහළයමින් පවතින බව ගලවා ගැනීමේ කණ්ඩායම වාර්තා කරයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තත්ත්වය උදාවී ඇතැයි පවසන නාවික හමුදාව ප්‍රකාශ කරනුයේ ජලය ඉවත් කිරීම සඳහා තවත් යන්ත්‍ර යොදවන ලෙස තායිලන්ත රජය ප්‍රකාශ කර ඇති බවය.

එසේම තවත් මාස හතරකට අවශ්‍ය ආහාර සහ ඔෟෂධ වර්ග කිමිඳුම්කරුවන් හරහා එම ස්ථානයට යවා ඇතැයිද ලෙන තුළට විදුලිය සැපයීමට සහ කණ්ඩායමට පිටත සිටින පුද්ගලයන් හා සම්බන්ධ වීම සඳහා දුරකථන ස්ථාපනය කිරීම ආරම්භ කර ඇතැයිද නාවික හමුදාව පවසයි.

විදේශීය කිමිඳුම් කණ්ඩායමක් යොදා ගනිමින් ලෙන තුළ සිටින පිරිසට කිමිඳුම් පුහුණුව ලබාදී ඔවුන්ව පිටතට ගැනීමට ඇති හැකියාව සොයා බලන බවද ඔවුන් පෙන්වා දෙයි.
කණ්ඩායම සිටින ස්ථානයට ළඟාවීම සඳහා ලෙන ඉහළින් සිදුරු කිරීමට සාකච්ඡා පැවැත්වුවද පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ එය භයානක විය හැකි බැවින් එම අදහස නතර කිරීමට කටයුතු කළ බවද නාවික හමුදාව ප්‍රකාශ කරයි.

පවතින තත්ත්වය මත ඔවුන්ව බේරාගැනීම සඳහා මාස හතරක් බලා සිටීමට සිදුවුවද එය අවදානම් විය හැකි බව ගලවා ගැනීමේ කණ්ඩායම් පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon