නීතියට පිටු පා බැට කෑ බොලිවුඩ් තරු

  👤  1506 readers have read this article !
Published by : MB WEB 2018-07-09 15:49:52

බොලිවුඩ් තරු ලෝකයේම ජනප්‍රිය වෙන නිසා මේ අයගේ හැසිරීම් ගැනත් මාධ්‍ය නිතරම ඉන්නේ විමසිල්ලෙන්. මේ නිසා රසික සිත් දිනාගන්නා ආකර්ෂණීය රංගනයන් වගේම මේ තරුවල පෞද්ගලික ජීවිතයේ මුහුණපාන සිදුවීම් ගැනත් පළවෙන ආරංචි එක රැයින්ම ජනප්‍රිය වෙනවා. මේ විදියට සමහර බොලිවුඩ් තරු සිදුකළ නීති විරෝධී ක්‍රියා නිසා ඔවුන්ට නීතිය හමුවේදී අපහසුතාවට පත් වෙන්නට සිදුවුණා.

මේ ඒ ගැන.

සන්ජේ දත්
බොලිවුඩ් තරුවකටත් වඩා සන්ජේ දත් මාධ්‍යයේ කතාබහට ලක්වුණේ ඔහු කළ නීති විරෝධී වැඩ නිසයි. 1993දී සන්ජේ දත් නීති විරෝධී ආයුධ ළඟ තබා ගැනීමේ වරදට හසුවුණත් ඔහුව අත්අඩංගුවට පත්වුණේ 2013 වසරේදියි. ඉන්දීය ශේ‍ර්ෂ්ඨාධිකරණය ඔහුව වසර 5ක් සිරගත කරන්නටත් තීරණය කළා.

ඉන්දර් කුමාර්
අක්ෂේ කුමාර්ගේ Khiladiyon Ka khilad හා සල්මන් ඛාන්ගේ wanted චිත්‍රපටවල රංගනයේ යෙදුණු ඉන්දර් කඩවසම් නළුවෙක්. නිරූපණ ශිල්පිනියක් දූෂණය කිරීමේ බරපතළ වරදට මොහුව අත්අඩංගුවට ගත්තේ 2014 වසරේදියි. versova පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඉන්දර්ව පසුව ඇප මත නිදහස් කළා.

සල්මන් ඛාන්
කලබලකාරී හැසිරීම නිසා සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ටත් කිහිපවරක්ම නීතිය ඉදිරියේ අපහසුතාවට ලක්වන්නට සිදුවුණා. චිත්‍රපටයක රූගත කිරීම් අතරතුරදී තවත් නළු නිළි කිහිපදෙනෙක් සමඟ මුව දඩයමේ ගිය සල්මන්ට මේ ක්‍රියාවට එරෙහිව නඩු විභාග වුණා. ඒ විතරක්ම නෙවෙයි සල්මන්ගේ වාහනය මාර්ගයෙන් පිටතට පැන පදික වේදිකාවේ සිටි කිහිපදෙනෙක්ම යටකර යෑම නිසා මොහුව වසර 5ක් බන්ධනාගාරගත කරන්නත් නියම වුණා. ඒ කොහොම වුණත් ඉක්මනින්ම ඇප ලබාගෙන නිදහස් වෙන්නට ඔහුට හැකිවුණා.

ජෝන් ඒබ්‍රහම්
බොලිවුඩයේ කඩවසම් නළුවෙක් වන ජෝන් ඒබ්‍රහම්ටත් නීතිය ඉදිරියේ වරදකරුවෙක් වීමට සිදුවුණේ පදික වේදිකාවේ සිටි පදිකයන් කිහිපදෙනක් ඔහුගේ මෝටර් බයිසිකලයට හසු කර අනතුරකට ලක් කිරීම හේතුවෙන්. 2006 වසරේදී මුම්බායේ සිදුවූ මේ අනතුර නිසා ජෝන්ට වසර 6ක සිරදඬුවම් නියම වී තිබුණත් දින 15කින් පමණ පසු ඔහු ඇප මත නිදහස් වුණා. මේ අනතුර නිසා ඔහුටත් රෝහල් ගතවීමට සිදුවුණා.

ෆර්ඩීන් ඛාන්
කාලයකට කලින් හින්දි චිත්‍රපටවල දකින්න ලැබුණු මේ තරුව 2001 වසරේදී අත්අඩංගුවට පත්වුණේ කොකේන් මිලදී ගැනීමේ බරපතළ වරදට හසුවීම නිසයි.
මේ වරදට සිරගත වුණු ෆර්ඩීන් දින 5කින් ඇප මත නිදහස් වුණා. ඔහුගේ අවශ්‍යතාවට කොකේන් මිලදී ගත් බවත් ඔහු නීතිය ඉදිරියේ කියා සිටියා.


සයිෆ් අලි ඛාන්
සයිෆ් අලි ඛාන්ටත් නීතිය හමුවේ වරදකරුවකු වීමට සිදුවුණේ 1998 වසරේදී Hum saath saath hain චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී කළ මුව දඩයම නිසයි. කස්තුරි මුවන් දඩයම් කිරීමේ වරදට මොහුටත් අධිකරණය හමුවේ දඬුවම් නියම වුණා.

ෂාරුක් ඛාන්
ෂාරුක් ඛාන් සුපිරි නළුවෙක් විදියට විතරක් නෙවෙයි යහපත් චරිතයක් හිමි තරුවක් විදියටත් බොලිවුඩයේ ජනප්‍රියයි. ඒ වුණත් 2012 වසරේදී ෂාරුක්ට චෝදනා එල්ල වෙන්නේ IPL ක්‍රිකට් තරගාවලියේදී ආරක්ෂක නිලධාරීන් සමඟ ඇති කරගත් ආරවුල නිසයි. ෂාරුක් මේ පිළිබඳව පැහැදිලි වාර්තාවක් මුම්බායි පොලිසියට ඉදිරිපත් කළත් එහි වරදකරු වුණේ සුපිරි නළු ෂාරුක් බව එම වාර්තාවට අනුව හෙළි වුණා.

ශාලිකා රංගනී සමරදිවාකර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon