චන්දිමාල්ලාට එරෙහි අයි.සී.සී. පරීක්ෂණය අද නොවෙයි හෙටයි

  👤  1117 readers have read this article !
Published by : MB WEB 2018-07-10 13:03:35

සිරිනාම රාජපක්ෂ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන තිදෙනාට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් සිදු කිරීමට නියමිත විභාගය අද (10දා) දිනට පැවැත්වීමට නියමිතව තිබුණ ද එය හෙට (11දා) දක්වා කල් දමා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩුබායිහි පිහිටි අයි.සී.සී. ප්‍රධාන කාර්යාලය සහ එංගලන්තයේ අයි.සී.සී. කාර්යාලය යන ස්ථාන තුන සම්බන්ධ වී 'ස්කයිප්' හා දුරකථන ජාල ඔස්සේ කරුණු විමසමින් සිදුකරනු ලබන මෙම විභාගය ශ්‍රී ලංකා වේලා

වෙන් හෙට (11දා) සවස 6.00ට පමණ ආරම්භ වීමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා මහතා ඊයේ 'මව්බිමට' පැවැසීය.

මෙකී පරීක්ෂණය කල් දැමීම අයි.සී.සී.යේ නිලධාරීන්ගේ අවශ්‍යතාවක් අනුව පමණක් සිදුවූ බවද ප්‍රකාශ කළ සිල්වා මහතා තවදුරටත් කියා සිටියේ අදාළ කරුණු විභාග කිරීමෙන් පසුව ගනු ලබන අවසන් තීරණය හෙට (11දා) දිනය තුළදීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනගැනීමට හැකිවන බවයි.

කෙසේ වෙතත් මෙම විභාගය සඳහා ශ්‍රී ලංකා නායකයා, කළමනාකරුවා සහ පුහුණුකරුවා යන තිදෙනාට අමතරව තවත් නීතීඥවරුන් දෙදෙනකු ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සහභාගි වීමට නියමිත බව ද දැනගන්නට ඇති අතර අයි.සී.සී.යේ නීති අංශයේ ප්‍රධාන කොමසාරිස් මයිකල් බිලොෆ් මහතා විසින් මෙම පරීක්ෂණයද මෙහෙයවනු ඇත. පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේදී පැය 2ක පමණ කාලයක් ක්‍රීඩාව නතර කිරීමට කටයුතු කිරීමේ වරදට එරෙහිව ශ්‍රී ලංකා නායකත්වයට හා කළමනාකාරිත්වයට එරෙහිව මෙකී චෝදනා එල්ල වී ඇත.

තවද හෙට (11දා) පැවැත්වෙන පරීක්ෂණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇති චෝදනා සනාථ වුවහොත් ශ්‍රී ලංකා නායකයාට, පුහුණුකරුවාට සහ කළමණාකරුවාට පනවනු ලබන දඬුවම ඉදිරි තරග දෙකකට හෝ තුනකට බලපැවැත්වෙන පරිදි වන තහනමක් වනු ඇතැයි ද පැවැසේ. එසේ වුවහොත් බ්‍රහස්පතින්දා (12දා) සිට පැවැත්වෙන දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ටෙස්ට් තරගාවලියද මොවුන් තිදෙනාටම අහිමි වනු ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon