ජාත්‍යන්තර තරගාවලියෙන් හේමමාලි බාලිකා විදුහලට ජය

  👤  1989 readers have read this article !
Published by : MB WEB 2018-07-12 08:21:19

නවතිස්පනේ - ඩී.එම්.ඩී. සිසිර

බි්‍රතාන්‍ය කවුන්සිලය මඟින් 2017/2018 වර්ෂය සඳහා පැවැත්වූ ජාත්‍යන්තර පාසල් සම්මාන තරගාවලියේ සමස්ත ලංකා හොඳම පාසල් දහය අතරට තේරී පත්වීමට මහනුවර හේමමාලි බාලිකා විදුහල සමත් විය.

මෙම තරගාවලියට මහනුවර අධ්‍යාපන කලාපයෙන් තවත් පාසල් ඉදිරිපත් වුවද සමස්ත ලංකා හොඳම පාසල් දහය අතරට සම්මාන ලත් මහනුවර අධ්‍යාපන කලාපයේ එකම පාසල වන්නේ හේමමාලි බාලිකා විදුහල පමණක් වීමද විශේෂත්වයකි.

ගම්පොළ ශාන්ත ඇන්ඩෘෘස් බාලිකා විදුහල දෙනුවර පමුණුව කනිෂ්ඨ විද්‍යාලය, කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර විද්‍යාලය අනෙක් සම්මාන ලත් මධ්‍යම පළාත් පාසල් වෙයි.

හේමමාලි බාලිකා විදුහලේ විදුහල්පතිනි ටී.ඩී.කේ. ජයරත්න, විද්‍යාලයේ ඉංගී්‍රසි අංශයේ ආචාර්ය මණ්ඩලය හා ව්‍යාපෘතිය සාර්ථකව නිම කළ සිසුවියන් කණ්ඩායම සමූහ ඡායාරූපයකට එක්වූ අයුරු මෙහි දැක්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon