උෟව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය 12න් පහළ දුර පැනීමේ ජයග්‍රාහකයා දුලීෂ

  👤  1556 readers have read this article !
Published by : MB WEB 2018-07-12 09:27:11

වැල්ලවාය - ජී.අයි. රොෂාන්

2018 උෟව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ 12න් පහළ ක්‍රීඩා ඉසව් තුනකින් නව තරග වාර්තා තුනක් තබමින් දක්‍ෂතම ක්‍රීඩකයා බවට පත්වීමට වැල්ලවාය, මල්ලවත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන එම්.එම්. දුලීෂ යසංග හේරත් ශිෂ්‍යයා සමත් විය.

දුර පැනීම, මීටර් 60 හා 100 යන ක්‍රීඩා තරග ඉසව්වලින් ඔහු ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර නව තරග වාර්තා තුනක්ද පිහිටුවන ලදී.

විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය ඕ. නිරූපා හා පුෂ්පා ප්‍රියන්ති, සුජීව තරංග, නිලන්ති කුමාරි යන ගුරු මහත්ම මහත්මීන් යටතේ මෙම ක්‍රීඩකයා පුහුණුවීම් කටයුතු කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon