චන්දිමාල්ට හතුරුසිංහට හා ගුරුසිංහට අප්‍රිකානුවන්ට එරෙහි ටෙස්ට් තරගාවලිය තහනම්

  👤  1471 readers have read this article !
Published by : MB WEB 2018-07-12 13:12:13

සිරිනාම රාජපක්‍ෂ

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව්හිදී නිමාවට පත්වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශාන්ත ලුසියාහි ඩැරන් සැමි ක්‍රීඩාංගණයේදී පැවැති 2 වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී (ජුනි 16දා) තරගය පැය 2ක පමණ කාලයක් ප්‍රමාද කිරීමේ චොදනාවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, කළමනාකරු අසංක ගුරුසිංහ හා ප්‍රධාන පුහුණුකරු චනදික හතුරුසිංහ යන තිදෙනා වරද කරුවන් බවට ඊයේ තීරණය කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ඔවුන් හට තරග 2ක තහනමක් පැනවීමට තීරණය කළේය.

ටෙලි තාක්‍ෂණය ඔස්සේ පවත්වන ලද මෙම පරීක්‍ෂණ විභාගය අයි.සී.සී. නීති කොමිසමේ සභාපති මයිකල් බිලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙකී තිදෙනාට පනවා ඇති දඩුවමට අනුව අද සිට පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකම ඔවුන්හට අහිමි වනු ඇත
එසේ ටෙස්ට් තරගය පැවැත්වීමට බාධා කරමින් අයි.සී.සී. නීති මාලාවේ 2.3.1. වගන්තිය උල්ලංඝනය කරමින් 3 වැනි පෙළ වැරැද්දක් යටතට ගැනෙන ක්‍රියාවක නිරත වෙමින් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහත කී තිදෙනාට එරෙහිව අයි.සී.සී.ය විසින් නගන ලද චෝදනාව විය. ඒ අනුව අයි.සී.සී. ප්‍රධාන විධායක ඩේවිඩ් රිචර්ඩ්සන් විසින් පසුගිය ජුනි 19දා තමින් චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ යන තිදෙනාට ඓරහිව චෝදනා ගොනුකරමින් ලිඛිත දැනුම්දීමක් කළ අතර අයි.සී.සී. යේ නීති ප්‍රකාර 5.2 වගන්තියට අනුකූලව පත්කරන ලද විනිශ්චය කොමිසමක් මගින් ඊයේ කරන ලද නඩු විභාගයක් අනුව ඉහත කී දඬුවම් පැනවීමටද තීරණය කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon