ප්‍රංශය පරාජය කරමින් කේ‍රායේෂියාව ලෝක පාපන්දු ඉතිහාසය වෙනස් කරයිද? තීරණය අනිද්දා

  👤  1564 readers have read this article !
Published by : MB WEB 2018-07-13 14:16:51

රුසියාවේ පැවැත්වෙන 21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය තීරණය කිරීමේ ගැටුම හෙට (14දා) දිනයේදීත්, ප්‍රංශය හා කේ‍රායේෂියාව අතර පැවැත්වෙන අවසන් තරගය අනිද්දාත් (15දා) පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මෙවර පාපන්දු තරගාවලිය උඩුයටිකුරු කරමින් එංගලන්තය ගෝල 2-1කින් පරදා කේ‍රායේෂියාව ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ පළමු වරට අවසන් තරගයක් සඳහා තමන්ගේ ස්ථානය වෙන්කරගත් අතර, බෙල්ජියම පරදවා ප්‍රංශය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබිණි.

එංගලන්තය හා කේ‍රායේෂියාව අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පළමු භාගයේදී දෙපිලම ගෝල 1 බැගින් ලබා තිබූ බැවින් තරගයේ තීරණය අතිරේක කාලය තෙක් විහිදී ගිය අතර, එම කාලයේදී මාරියෝ මැන්සුකික් ලැබූ තීරණාත්මක ගෝලය හේතුවෙන් කේ‍රායේෂියාවට අවසන් තරගයට යෑමේ අවස්ථාව හිමිවිය.
කෙසේ වෙතත් අවසන් පූර්ව තරගවලදී පරාජයට පත්වූ බෙල්ජියම හා එංගලන්තය අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ටත්, කේ‍රායේෂියාව හා ප්‍රංශය අතර පැවැත්වෙන අවසන් තරගය අනිද්දා (15දා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.30ටත් ආරම්භවීමට නියමිතව ඇත.

මේ අතර ප්‍රංශය හා කේ‍රා්යේෂියාව අතර පැවැත්වෙන අවසන් තරගයේදී ප්‍රංශයේ ඇන්තෝනි ගී්‍රෂ්මන් පිළිබඳව ලොව ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනකුගේ දෑස් එල්ල වී ඇති අතර, ඔහු මේ වනවිට ගෝල තුනක් ලබා මෙම තරගාවලියේ වැඩිම ගෝලලාභීන්ගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ පසුවීමද විශේෂත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon