අර්නස්ට් සොයිසාගේ මුනුබුරා කරළියට

  👤  1925 readers have read this article !
Published by : MB WEB 2018-07-17 10:32:59

අලුත් වැඩක් කරන්න යනවා කියලා ආරංචියි.

ඔව්. මම නොවැම්බර් 4 වැනිදා නෙළුම් පොකුණේ, සවස 7.00ට ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ ප්‍රසංගයේ මූලික අරමුණ මොකද්ද?

මගේ පාසල ශාන්ත පීතර විද්‍යාලය. පාසලට උදවු කරන්න තමයි බලාපොරොත්තුව. ප්‍රසංගයෙන් ලැබෙන මුදල් පාසලට පරිත්‍යාග කරන්න හිතාගෙන ඉන්නෙ.

මෙය කරන්න සූදානම් වෙන්නේ ඒක පුද්ගල ප්‍රසංගයක් ලෙසද?

නැහැ. තව දෙන්නෙක් එදාට ගීත ගායනා කරනවා.

ශවීන් සංගීතයට ගොඩක් ළැදියි නේද?

ඇත්තටම මම සංගීතයට ගොඩක් කැමැතියි. මම පුංචි කාලේ ඉඳන්ම සංගීතයට නැඹුරු වෙලා හිටියා. මම පියානෝ පන්තිත් ගියා.

අර්නස්ට් සොයිසා කියන්නෙ ඔබේ සීයා. සීයගෙන් ලැබුණු ආභාසය කොහොමද?

සීයා මට ගොඩක් උදවු කළා. සීයයි ආච්චියි දෙන්නම කැමැතියි මම සංගීතය හදාරනවට.

ශවීන් කලා කටයුතුවලට නැඹුරු වුණේ සීයා නිසාමද?

මම කොහොමත් සංගීතයට ආසයි. සීයත් එක හේතුවක් වුණා මම සංගීතය පැත්තට යොමු වෙන්න.

පාසලේදීත් සංගීතය විෂයක් විදියට හැදෑරුවද?

මම සා/පෙළට සංගීතය හැදෑරුවා. ඒත් මම ලන්ඩන් ඒ/ඹ් කරපු නිසා උසස් පෙළට සංගීතය හැදැරුවෙ නැහැ. මොකද මට ඕනෙ වුණේ ගිණුම්කරණය සහ ගණිතය යන විෂයන් දෙකෙන්ම උසස් පෙළ හදාරන්න.

ශවීන් වැඩිපුරම නැඹුරු මොන සංගීත ශෛලියටද?

මම සංගීතය හදාරනවා. මම වැඩිපුරම ඉංගී්‍රසි ගීත ගායනා කරන්න තමයි කැමැති.

සීයත් එක්ක ගීතයක් කරන්න අදහසක් නැද්ද?

තාම නම් එහෙම අදහසක් නෑ. ඒත් අවස්ථාවක් ලැබුණොත් කරනවා.

මුලින්ම සීයා ඉදිරියේ ගීතයක් ගායනා කළ දවස මතකද?

මට මුලින්ම මතක් වුණේ සීයා එක්ක නත්තල් කාලෙදි ගිටාර් එකක් අරන් මම සින්දු කිව්වා. ඒ දවස්වල පින්තූරත් තියෙනවා. ඒ අතීතය තමයි මට මතක.

සංගීතය පැත්තෙන්ම ඉස්සරහට යන්නද හිතාගෙන ඉන්නෙ?

මම ලබන අවුරුද්දෙදි මගේ වැඩිදුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවේ යනවා. ඒත් මාස හතරෙන් හතරට ලංකාවට එනවා. ඒ ආවම සංගීත කටයුතු කරනවා. දැනට අපේ ප්‍රසංගයෙන් පස්සෙ සංගීත වැඩකටයුතු ටිකකට නවත්තන්න තමයි හිතන් ඉන්නෙ.

එතකොට සහජයෙන් ගෙනාව හැකියාවට තිත තියන එකක් නැද්ද?

සහජයෙන් ගෙනාපු ගායන හැකියාව මම අතහරින්නේ නෑ. මට ගෙදර ගිටාර් 9ක් තියෙනවා. රට යනකොට ගිටාර් 2ක් ගෙනියනවා. විදේශගත වෙලා බෑන්ඩ් එකකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
ඡායාරූප - උදේශ් රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon