වර්ල්ඩ් කප් බලන්න ආපු අයට පුටින් ෆ්‍රී කික් එකක් දෙයි

  👤  1342 readers have read this article !
Published by : MB WEB 2018-07-17 15:42:39

රුසියාව සත්කාරකත්වය හෙබවූ මෙවර ලෝක කුසලාන තරගාවලියේ විදේශික ප්‍රේක්ෂකයන් හට 2018 වසර නිමවන තෙක් වීසා රහිතව රුසියාවට නැවත පැමිණීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන බවට රුසියාවේ ජනපති ව්ලැඩ්මියර් පුටින් පවසයි.

මොස්කව් නුවර, ලුස්නිකි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගය නිමවීමෙන් පසුව ඔහු මේ බව ප්‍රකාශයට පත්කර ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රේක්ෂකයන් ප්‍රවේශ පත් මිලදී ගන්නා අවස්ථාවේදී ප්‍රවේශ පත්‍රය සමඟ හැඳුනුම්පතක් නිකුත් කිරීමට රුසියානු බලධාරීන් කටයුතු කර තිබූ අතර, ඒ අනුව එම හැඳුනුම්පත් හිමි විදේශික පාපන්දු ලෝලීන් සියලු දෙනාටම මේ වසර අවසානය දක්වා වීසා රහිතව රුසියාවට පැමිණීමේ අවස්ථාව හිමි වේ.

තවද මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සංවිධානය කළ ආකාරය පිළිබඳව තමන් සතුටට පත්වන බවත්, ලෝක කුසලානයට සත්කාරකත්වය හෙබවීමට ලැබීම තමන්ට ඉතාමත්ම ආඩම්බරයක් බවත් රුසියානු ජනපති තවදුරටත් පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon