යාපනයේ පෘතුගීසි කොටුවේ ස්ථානයකින් මිනිස් හිස් කබලක් හමුවේ

  👤  1937 readers have read this article !
Published by : MB WEB 2018-07-18 06:02:41

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යුද හමුදා කඳවුරක් පිහිටුවීම සඳහා කටයුතු සැලසුම් කොට ඇති යාපනයේ පෘතුගීසි කොටුවේ එක් ස්ථානයකින් පුරාවිද්‍යා නිලධාරීන්ට 16දා සවස පැරැණි මිනිස් හිස් කබලක් හමුවී තිබේ.

මෙම මිනිස් හිස් කබල පිළිබඳව යාපනය පොලිසියට තොරතුරු දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එම හිස් කබල රැගෙන ගොස් ඇත.

යාපනය පොලිසිය මේ පිළිබඳව යාපනය දිසා අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසුව හිස් කබල යාපනය ශික්ෂණ රෝහල වෙත යවා වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන්නා ලෙස පොලිසියට නියෝග කොට තිබේ.

මේ ස්ථානයේ තවත් මිනිස් ඇට සැකිලි හෝ එවැනි දේ තිබීමට ඉඩ ඇති බැවින් පොලිසියට හා පුරාවිද්‍යා නිලධාරීන්ට ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද යාපනය දිසා විනිසුරුවරයා දැනුම් දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon