මදුනාගලින් පැන්න අලියෙක් වල්සපුගල නිවාස තුනක් කඩා දමයි

  👤  1822 readers have read this article !
Published by : MB WEB 2018-07-18 06:31:35

මත්තල - ඩී.එන්. ජයසේකර

සූරියවැව පවතින අලි - මිනිස් ගැටලුවට විසඳුමක් ලෙස මේ දිනවල සූරියවැව ගම්මාන අසල කැලෑ රොදවල සිටින වල් අලි එළවීමේ මෙහෙයුමක් දියත් කෙරෙන අතර සූරියවැව, මදුනාගල ප්‍රදේශයේ වන අලි මෙහෙයුම අතරවාරයේ වල්සපුගල ගමට වැදුණු තනි අලියකු එම ගම්මානයේ නිවාස තුනක් සම්පූර්ණයෙන්ම කඩා දමා තිබේ.
සූරියවැව වල්සපුගල පදිංචි ජේ.කේ.පී. චම්පිකා මෙසේ පැවැසුවාය.

පසුගිය දවස් ටිකේම අලි ටික අපේ ගමටත් පැනලා හිටියා. මමයි, දරුවෝ තුන් දෙනයි, මහත්තයයි නිදාගෙන ඉන්න, කොට පාන්දර 02ට විතර ගේ පිට පැත්තේ සද්දයක් ඇහුණා. මහත්තයා එළියට ගිහින් බලද්දී අලියා හිටියා. මහත්තයා කෑ ගහලා කිව්වා අලියා ගේ පිටපැත්තේ කියලා. එතකොටම ඇඳේ නිදාගෙන හිටිය වයස අවුරුදු එකහමාරේ දරුවා, අවුරුදු හයේ හා අවුරුදු තුනේ දරු දෙදෙනත් අතින් ඇදගෙන ගෙයින් එළියට පැනලා දිව්වා. ඒ එක්කම අලියා ගේ බිත්තිය ඇඳ උඩට පෙරළලා දැම්මා. අපි ගෙයින් එළියට බැහැලා දුවනවා දැක්ක අලියා මහත්තයා පස්සෙන් එළෙව්වා. අපි හතර දෙනා ජීවිතේ බේරගත්තේ පූරුවේ පිනකට.

වන අලි මෙහෙයුමේ නිරත වී සිටින වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගෙන්ද අපි මේ සම්බන්ධයෙන් විමසීමක්කළෙමු. වල් අලි ගැටලුව තදින්ම බලපා තිබෙන බව මම දන්නවා. තව මාස දෙකක් මේ විදියට ඉවසගෙන ඉන්න. කඩිනමින් අපි මේ ගැටලුවට ස්ථිර විසඳුමක් දෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon