වසර දෙසීයක් පැරැණි සමුපකාර ගොඩනැඟිල්ල විනාශයට

  👤  1764 readers have read this article !
Published by : MB WEB 2018-07-18 07:11:04

මාතර - උදය කුමාර රණවීර

වසර 200ක් පැරැණි මාතර කොටුවේ ඇති සමුපකාර ගොඩනැඟිල්ල මේ වනවිට විනාශයට පත්ව ඇත. 1971 වර්ෂයේ සිට කොටුව සහ මාතර ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම සමුපකාරය ජනතාව වෙනුවෙන් විවෘතව තිබිණි.

එහෙත් මෙම ගොඩනැඟිල්ල මේ වන විට සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු මෙම ගොඩනැඟිල්ල මෙලෙස විනාශ වීම ගැන ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති. 15දා මෙම සමුපකාරය මෙම ස්ථානයෙන් ඉවත් කිරීමද සිදුවිය.

1971 වර්ෂයේ මාතර ප්‍රදේශයට අයත් සමුපකාර හැටක් තිබූ බවත් මේ වනවිට සමුපකාර දහයක් පමණක් ඉතිරිව ඇති බවත් එහි සේවකයෝ පවසති. මෙම සමුපකාරය වැසීමත් සමඟම මාතරට දැන් ඉතිරිව ඇත්තේ තවත් සමුපකාර නවයක් පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon