වැලිකඩ සිරකරුවන්ගේ 'සිපිරිගේ පාමුල' කාව්‍ය සංග්‍රහය 26දා එළිදකී

  👤  1286 readers have read this article !
Published by : MB WEB 2018-07-18 14:12:40

කුමුදු උපුල් ශාන්ත

මෙරට බන්ධනාගාර ඉතිහාසයේ පළමු වතාවට වැලිකඩ බන්ධනාගාරගත සිරකරුවන් විසින් කාව්‍ය සංග්‍රහයක් නිර්මාණය කර තිබේ.'සිපිරිගේ පාමුල' නමැති එම කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හා බන්ධනාගාර හා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම 26 වැනි දින පෙරවරු 9.30ට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළ සිදුකෙරේ.

වැලිකඩ බන්ධනාගාර සිරකරු කලා සංසදයේ සාමාජිකයන් විසින් මෙම කාව්‍ය සංග්‍රහය නිර්මාණය කර ඇති අතර සිරකරුවන් පනහකට අධික පිරිසක් විසින් රචනා කරන ලද ගද්‍ය හා පද්‍ය අසූවක් (80) පමණ මෙම කාව්‍ය සංග්‍රහයට ඇතුළත්ව තිබේ.

බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පවසන්නේ තමා වැලිකඩ බන්ධනාගාර අධිකාරි ධුරයෙහි කටයුතු කළ පසුගිය කාලයේ සිරකරුවන් ඔවුන්ගේ සිතැඟි කවි සිතුවිලි සිරමැදිරිවල හා කැසිකිළි වැසිකිළිවල බිත්ති තුළ ලියා තබා තිබූ අයුරු තමා දුටු බවත් ඒ අනුව 'සිරකරු කලා සංසදයක්' පිහිටුවා එකී සිතුවිලි පොතක් වශයෙන් මුද්‍රණය කිරීමට පියවර ගත් බවත්ය. 'සරසවි' පොත් ප්‍රකාශකයෝ විසින් මෙම පොත මුද්‍රණය කළ බවත් ජාතික පුස්තකාලයේ 'සුමිතුරෝ' සංවිධානයද මේ සඳහා සහාය ලබාදුන් බවත් පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ බන්ධනාගාර ඉතිහාසයේ මින් පෙර මෙවැනි කාව්‍ය සංග්‍රහයක් එළිදක්වා නොමැති බවත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon