ඉන්දියාවේ 11 හැවිදිරි දැරියක් සමූහ දූෂණයට ලක් කළ 17 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කෙරේ

  👤  1491 readers have read this article !
Published by : MB WEB 2018-07-20 13:42:17

ඉන්දියාවේ චෙන්නායි නුවර වයස අවුරුදු 11ක ශ්‍රව්‍යාබාධිත දැරියක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දාහත් දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

මේ වසර මුල සිට මාස ගණනාවක් තිස්සේ මෙම දැරිය දූෂණයට ලක් කර ඇති බව පොලිසිය පවසයි. දැරිය ජීවත් වූ තට්ටු නිවාස සංකීර්ණයේ විදුලි සෝපාන ක්‍රියාකරු මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු බව ඔවුහු තවදුරටත් පවසති.

ප්‍රධාන සැකකරු දැරියට මත්ද්‍රව්‍යයක් දීමෙන් පසු ඇයට හිංසා කිරීමට අනෙක් පුද්ගලයන්ට ආරාධනා කර තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනෙනු ඇතැයි පොලිසිය පැවසීය.

මෙම සිද්ධිය හේතුවෙන්, රට පුරා සිදුවන දරුණු ලිංගික හිංසනවලට එරෙහිව ඉන්දියාවේ මහජන විරෝධතා නැවතත් සක්‍රීය වී ඇති ආකාරයක් දක්නට ලැබේ.

අඟහරුවාදා (17) චෙන්නායිහි අධිකරණයක් විසින් පුද්ගලයන් දාහත් දෙනෙකුට එරෙහිව බාලවයස්කාර දැරියක් සමූහ දුෂණයට ලක් කිරීමේ වරදට එරෙහිව චෝදනා ගොනු කරන ලදී. එම පුද්ගලයන් අතර, මහල් නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්, විදුලි කාර්මිකයන් සහ ජලනල කාර්මිකයන්ද සිටින අතර, ඔවුන් සියලුදෙනා ජූලි 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම අපරාධය පිළිබඳ සමාජය ඉමහත් පිළිකුලින් යුතුව කතා කරන අතර, සමහර චූදිතයන් අධිකරණයේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවක එහි සිටි නීතිඥවරුන් කණ්ඩායමක් ඔවුන්ට පහර දී ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.

එක් සැකකරුවෙකු තට්ටු නිවාසයක පඩිපෙළ දිගේ පහළට ඇදගෙන විත් පිරිසක් ඔහුට පහර දෙන අතර පොලිසිය එය නැවැත්වීමට උත්සහ දරන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ බෙදා හැරෙමින් පවතී.

සැකකරුවන් වෙනුවන් පෙනී සිටීමට කිසිදු නීතිඥවරයෙක් කැමැත්ත පළ කර නැතැයි නීතීඥ සංගමයේ සභාපති මෝහන ක්‍රිෂ්ණන්, මදුරාසිමහාධිකරණට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

දැරියගේ දෙමව්පියන් වේපරි නගරයේ පිහිටි කාන්තාවන් පමණක් සිටින පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මේ වන විට දැරිය සියලු සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, ඉන් හතර දෙනෙකු පමණ පාපොච්චාරණ කර ඇතැයි නිලධාරියෙකු පැවසීය.

මේ අතර, වෛද්‍ය පරීක්ෂණ සඳහා දැරිය රජයේ රෝහලකට යොමු කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon