මදුරාසි-කොළඹ ඔරු පැදීමේ තරගාවලිය හෙට පස්වරුවේ කොළඹදී

  👤  1313 readers have read this article !
Published by : MB WEB 2018-07-20 14:25:38

කොළඹ ඔරු පදින්නන්ගේ සංගමය විසින් 79 වැනි වරටත් සංවිධානය කරනු ලබන 'මදුරාසි - කොළඹ' ඔරු පැදීමේ තරගාවලිය හෙට (21දා) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කොළඹ ඔරු පැදීමේ සංගම් පරිශ්‍රය ආශි්‍රතව හෙට (21දා) සවස 4.00 සිට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි අංශයෙන් 'ඒ' සහ 'බී' වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ සහ කාන්තා අංශයෙන් ද ඔරු පැදීමේ තරග පැවැත්වේ. තවද මෙම තරගාවලිය යාර 1000ක මුළු දුර ප්‍රමාණයක් ආවරණය කරනු ලබන අතර එහි ප්‍රවීණයන්ගේ තරගයට යාර 546ක දුර ප්‍රමාණයක් ඇතුළත් වේ

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වීමට නියමිය. තවද මෙම කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයන් 18 දෙනාගෙන් 8 දෙනකු පාසල් ශිෂ්‍යයන් වන අතර සහභාගි වන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් 7 දෙනාගෙන් 5 දෙනකුම කොළඹ කාන්තා විද්‍යාලයේ ශිෂ්‍යවන් වීමද විශේෂත්වයකි.

එමෙන්ම ඉන්දියාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවේ. එම කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයන් 13 දෙනාම පාසල් ශිෂ්‍යයන් වන අතර ඒ සඳහා සහභාගි වන ඉන්දීය ක්‍රීඩිකාවන් 5 දෙනාගෙන් 3 දෙනකු පාසල් ශිෂ්‍යාවන්ය.

ඡායාරූපය _ ඒශාන් දසනායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon