ස්ටාර් සිටි තරගයේ නවතින්න වූ තැන ගැන රොමේෂ් ඇත්ත කියයි

  👤  2213 readers have read this article !
Published by : MB WEB 2018-07-22 14:41:05

Star City Twenty 20 තරගය නම් නිමා වුණා. දැන් විවේකීව ඉන්නවා ඇති නේද?

විවේකී නැහැ. මගේ ඊළඟ නිර්මාණ කටයුතු වෙනුවෙන් සහ සංගීත ප්‍රසංග වෙනුවෙන් එකතු වෙනවා. නමුත් භාරධූර කාර්යයකින් පුරුදු කාර්යයට වැටුණා වගේ හැඟීමක් නම් දැනෙනවා.

ස්ටාර් සිටි තරගය වෙනුවෙන් මහන්සි වුණු රොමේෂ්ටයි තීක්‍ෂණටයි පළමු ජයග්‍රහණය හිමි කර ගන්න බැරි වුණා. ඒ ගැන දුකක් නැද්ද?

ඉබචප ඛ්ඪබර ඊඹඥදබර 20 රියැලිටි තරගයේ තුන්වැනි ස්ථානය තමයි අපි දිනා ගත්තේ. ලැබිච්ච ඵථඵ ප්‍රතිඵලය අපි පිළිගන්න ඕනෙනේ. අපිට ලැබිච්ච තැන ගැන සතුටුයි. අපිට අවසන් මහා තරගයට එන්න පුළුවන් වුණා. අපි අවසන් මහා තරගයේදී කළ ඇක්ට් එකෙන් ඒක බලපු අයව එක තැනකට ගන්න පුළුවන් වුණා. ඒක ලොකු ජයග්‍රහණයක්.
යන යන තැන ගොඩාක් අය අපිව අගය කරනවා.

ප්‍රේක්‍ෂකයෝ හඬවා සංවේදී කරලාවත් පළමු ජයග්‍රහණය ගන්න බැරි වුණා නේද?

ප්‍රේක්‍ෂකයෝ හඬයි කියලා මමයි තීක්‍ෂණයි හිතුවේ නැහැ. ජනතාව අපි කළ ඉදිරිපත් කිරීම ගැන සතුටු වුණා. පිය සෙනෙහස හැමෝටම දැනුණා. අපිට ඒ ගැන සතුටුයි. ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක බලද්දී අපි දිනුම් කියලා හිතෙනවා.

හැබැයි ජනතා ප්‍රතිචාර SMS වලින් ලැබුණේ නෑනේ?

අනෙක් තරගකරුවන් අපිට කලින්නේ ඔවුන්ගේ ඉදිරිපත් කිරීම කළේ. ඉතින් ඒ අයට මුලින්ම ඵථඵ කරන්න ඇති. අපේ ඇක්ට් එකෙන් පස්සේ ඵථඵ කරන්න තිබ්බ කාලය නවත්වපු නිසා අපිට ඵථඵ කරන්න කාලය අඩු වෙන්නත් ඇති. ඒක අපේ ලැබීම. නමුත් ලැබෙන ප්‍රතිචාර එක්ක බැලුවම අපි ඔවුන්ගේ හදවතේ ඉන්නවා කියලා අපිට දැනෙනවා.

ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියෙන්න ඇති නේද?

එහෙම බලාපොරොත්තු තිබ්බට හිතපු දේ අපිට ලැබුණේ නෑ. ලැබුණු ප්‍රතිඵලය අපිට භාරගන්න වෙනවනේ ඉතිං.

SMS කරගන්නත් මහන්සි වුණා නම් මීට වඩා ඉස්සරහට යන්න තිබ්බා කියලා හිතෙන්නේ නැද්ද?

ඒ වෙනුවෙන් මහන්සි වෙන්න අපි හිතුවේ නෑ. මොකද මමයි තීක්‍ෂණයි කියන්නේ ජනතාවගෙන් බිහිවුණ ගායකයෝ. අපි සාමාන්‍ය ජනතාව එක්ක ගනුදෙනු කරන අය. අපිට ලොකු රසික පිරිසක් ඉන්නවා. ඉතිං අපි හිතුවේ අපි කරන දේ බලලා ඵථඵ ගන්න. අපි දැනෙන දෙයක් කළා. අපේ ටචජඥ ඡධධඬ වලින් විතරයි අපිට මනාප ඉල්ලලා ප්‍රචාරය කළේ. වෙන දෙයක් කළේ නෑ ඵථඵ ගන්න. අපි ඉදිරිපත් කිරීම හොඳින් කරන්න තමයි මහන්සි වුණේ.

අනෙක් තරගකරුවන් ඒ ජයග්‍රහණය ලබපු එක ගැන ඔබ සහ තීක්‍ෂණ අවංකව සතුටු වෙනවද?

අශාන්ති සහ රන්දීර් කියන්නේ වෙනම ආරක ගීත ගායනා කරන දෙන්නෙක්. ශනුද්‍රි සහ දිනක්‍ෂි කියන්නේ තවත් දක්‍ෂතා තිබෙන දෙන්නෙක්. මේ හැමෝම තමන්ගේ කාලය, ශ්‍රමය මේ තරගය වෙනුවෙන් යොදවලා මහන්සි වුණා. අපිත් මහන්සි වුණා. ඉතිං ජනතාවට හිතෙන්න ඇති අපිට වඩා ඒ අය හොඳයි කියලා.

සමාජ මාධ්‍යවලින් නම් දිනක්‍ෂි සහ ශනුද්‍රිගේ ජයග්‍රහණය විවේචනය කරලා තිබ්බා. ඔබයි තීක්‍ෂණයි පළමු තැන රැඳිය යුතුයි කියලත් මත පළ වුණා. ඒ ගැන මොකද හිතෙන්නේ.?

මට ඒ ගැන මුකුත් කියන්න බෑ. මමයි තීක්‍ෂණයි හැමෝම එක්ක හොඳින් ජීවත් වෙනවා. කිසිම ප්‍රශ්නයක් ඇති කරගෙන නෑ. ඒ ඒ අයට තමන්ගේ මත ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ දක්‍ෂතාව අගය කරන්න මත පළ කරන එක ගැනත් සතුටුයි. අපි ඒ තරගයේ වෙනස්කම් කළා. ගායනයෙන් විතරක් නෙවෙයි වාදනයෙන් පවා දක්‍ෂතා පෙන්නුවා. ඒ තරගය දැන් ඉවරයි. අපිට වටිනාකමක් දීපු හැමෝටම ස්තූතියි.

රොමේෂ් සහ තීක්‍ෂණ එකතු වුණේ තරගයට විතරද?

නැහැ. අපිට මේ තරගය නිසා තවත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. ගායකයන් ලෙසින් අපිව බොහෝදෙනා හඳුනාගෙන හිටියේ. නමුත් වාදකයන් ලෙසත් අපිව බොහෝ දෙනෙක් හඳුනාගත්තා. අපි වෙනස් වෙනස් දේවල් කරපු නිසා අපි ඒ වෙනස අරගෙන ප්‍රසංගයක් කරන්නත් හිතුවා. ගොඩක් අය තරග දින්නම පේන්න නෑනේ. නමුත් අපි එහෙම වෙන්නේ නැහැ. බයක් නැතුව අපි ප්‍රේක්‍ෂකයන් අතරට අපේ ප්‍රසංගයක් ගේනවා. ඒක ලංකාව වටේම ගෙනියන්නත් අදහස තියෙනවා. ඒක වෙනස් වැඩක් වෙයි. Star City එකෙන් ගත්ත මතකය අමතක නොවෙන වැඩක් අපි කරනවා.

අලුත් නිර්මාණ කටයුතු මොනවාද කියලත් කියමු?

මගේ ලෝකේ ආදරි, රෝස පෙති අතුරා වගේ ගීත කිහිපයක්ම ළඟදී රිලීස් කළා. ඒ වගේ අලුත් පිරිසට ගීත හදන වැඩ කටයුතුවලටත් මම එකතු වෙලා ඉන්නවා. ඊට අමතරව මගේ බෑන්ඩ් එකේ ගීතයක් ලබන මාසේ රිලීස් කරන්න වැඩ කටයුතු කරගෙන යනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon