ෆේස්බුක් Fan Page තුළ ජනප්‍රිය තරු ලකුණු

  👤  2277 readers have read this article !
Published by : MB WEB 2018-07-25 12:12:12

ජනප්‍රියත්වය කාලෙන් කාලෙට වෙනස් වන්නක්. ඒ ඒ යුගයේ ප්‍රේක්ෂක කැමැත්ත දිනා ගන්නා කෙනා ජනප්‍රියත්වයේ ඉහළ අසුනක රැඳෙන්නට හිමිකම් ලබනවා. නමුත් ඒ ජනප්‍රියත්වය වෙනස් වන්නට ගත වන කාලය පිළිබඳ නිර්ණායක නැතත් ජනප්‍රියත්වය පිළිබිඹු වන සාධක යම් යම් අවස්ථාවල සොයා ගන්න පුළුවන්.

යුගයෙන් යුගය මාරු වෙද්දී ජනප්‍රියත්වය මැනගත හැකි සාධකද මාරු වනවාට සැක නැහැ. ගුවන් විදුලියෙන් ජනප්‍රිය වූ රූපවාහිනියෙන් ජනප්‍රිය වූ, පිරිස් වගේම අද වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සිය ජනප්‍රියත්වය හෙළි කරගත් අයද බොහෝමයක් සිටින බව රහසක් නොවෙයි. එවැනි පසුබිමක ටචජඥඡධධඬ ටචද නචඨඥ මඟින් සිය ප්‍රතිරූපය නංවාගත් ජනප්‍රිය නිළියන් ගැන සොයා බලන්නට අපිට හිතුණා. මේ සඳහා අප තෝරා ගත්තේ ෆේස්බුක් ෆෑන් පේජ් මඟින් සිය ජනප්‍රියත්වය රඳවාගත් රංගන ශිල්පිනියන් කිහිපදෙනෙක්. ඒ අතර දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ බොහෝ සෙයින් ජනප්‍රිය වූ නයනතාරා වික්‍රමආරච්චි, ශනුද්‍රි ප්‍රියසාද් අපේ තේරීමට එකතු වුණා. ඒ වගේම කිඳුරංගනා ටෙලි නාට්‍යය ඔස්සේ ජනප්‍රියත්වය හිමි කරගෙන මෑත කාලයේ විකාශය වූ 'කූඹියෝ' ටෙලි නාට්‍යයේ හිරුණි චරිතයෙන්ද වැඩිමනක් කතාබහට ලක්වූ යුරේනි නොෂිකා, ජනප්‍රිය ටෙලි නිර්මාණ රාශියකින් රංගනයට එක් වෙමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ශලිනි තාරකා වගේම සල්සපුනා ටෙලි නිර්මාණයෙන් ප්‍රේක්ෂකයන් වැලඳගත් පොඩි පත්තරකාරි නැත්නම් මිෂෙල් දිල්හාරා ෆේස්බුක් ෆෑන් පේජ් හරහා සිය ජනප්‍රියත්වය රඳවාගෙන තිබුණා.

වත්මන් සමාජ පසුබිම තුළ බොහෝ දෙනෙක් තමන් කැමැති නළු නිළියන්ගේ ෆෑන් පේජ් ටධතතධඹ කරන අයුරු දකින්න පුළුවන්. නමුත් ඔවුන් තමන් කැමැති නළු නිළියන් පළ කරන ඡායාරූප සඳහා කැමත්ත පළ කරන්නේ එය තමන්ට විශේෂයෙන් දැනුණහොත් පමණයි. අදාළ රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට කැමැති වුවද ඔවුන් පළ කරන දෑට කැමැති නම් ලයික් කමෙන්ට් යොදා සිය කැමැත්ත අකැමැත්ත පළ කිරීමට ඕනෑම කෙනකුට හැකියාව තිබෙනවා. ඇතැම් විට කමෙන්ට් මඟින් කැමැත්ත, අකැමැත්ත යන කාරණා පළ වුවද තමන් ටධතතධඹ කරනා ශිල්පිනියන් පළ කරන දෙයට කැමැත්ත පළ කරමින් ලබාදෙන තඪඬඥ පළ කිරීම් බොහෝ විට කරන්නේ එයට ඇති කැමැත්ත මතම පමණයි. මේ අයුරින් ෆේස්බුක් ෆෑන් පේජ් මඟින් සිය ජනප්‍රියත්වය රඳවාගත් පෙර සඳහන් කළ රංගන ශිල්පිනියන් ෆේස්බුක් ෆෑන් පේජ් තුළ පළ කළ සිය ඡායාරූපවලට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන තිබූ ආකාරය අපූරුයි. අපේ අධ්‍යයනයට අනුව ඔවුන්ගේ ජනප්‍රියත්වය රඳවාගෙන තිබුණේ මෙලෙසයි.

දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත් නයනතාරා වික්‍රමආරච්චිගේ ෆේස්බුක් ෆෑන් පේජය ටධතතධඹ කරන පිරිස 1,34,923ක්. ඇය පළ කළ ඡායාරූප සඳහා ලැබී ඇති ප්‍රතිචාරද සුවිශේෂීයි. ඇය පළ කළ ඡායාරූප අතරින් වැඩිමනක් තඪඬඥ ප්‍රතිචාර ලැබී තිබුණේ දහසකට අඩු සංඛ්‍යාවකින්. නමුත් දහස ඉක්මවා ගිය තඪඬඥ ප්‍රතිචාර ලැබූ අවස්ථාද තිබෙනවා. ඇයගේ ඡායාරූප සඳහා වැඩිම ලයික් ප්‍රමාණයක් ලෙස ලැබී තිබුණේ 31,334ක්. ඇගේ තනි ඡායාරූපයකට ලැබි තිබූ වැඩිම තඪඬඥ ප්‍රතිචාර ප්‍රමාණය 15,874ක්.

ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙත් මේ වෙනකොට ජනප්‍රිය ගොන්නේ සිටින රංගන ශිල්පිනියක්. ඇයත් දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය ඔස්සේ ජනප්‍රියත්වයේ සීමා පුළුල් කරගත් රංගන ශිල්පිනියක්. ඇයගේ ෆේස්බුක් ෆෑන් පේජයට තඪඬඥ පළ කළ පිරිස 1,91,936ක්. පේජය ටධතතධඹ කරන පිරිස 1,93,130ක්. ඇය පළ කළ ඡායාරූප සඳහා තඪඬඥ පළ කිරීම් සහ කමෙන්ට් බොහෝමයක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ අතරින් දසදහසට අඩු තඪඬඥ පළ කිරීම් රාශියක් තිබුණු අතර ඇයගේ තනි ඡායාරූපයකට වැඩිම තඪඬඥ ලැබී තිබුණේ 15,063කට වැඩි ප්‍රමාණයක්. නමුත් 20,614කට වැඩි ලයික් ප්‍රමාණයක් ඇය සහ රවීන් සිටින ඡායාරූපයකට ලැබී තිබුණා.

යුරේනිද සිය ධටටඪජඪචත ෆේස්බුක් ෆෑන් පේජය හරහා සිය ජනප්‍රියත්වය ඉහළට ඔසවාගෙන තිබුණා. ඇයගේ ෆේස්බුක් ෆෑන් පේජයට තඪඬඥ 11,11,451ක් තිබූ අතර එය ටධතතධඹ කරන පිරිස 11,06,454 දක්වා වැඩි වී තිබුණා. යුරේනිගේ බොහෝ ඡායාරූප සඳහා දහස ඉක්මවූ තඪඬඥ ප්‍රතිචාර හිමියි. ඉන් ඉදිරියට ගොස් දසදහස ඉක්මවූ තඪඬඥ ප්‍රතිචාරද ඇයගේ ඡායාරූපවලට පළ වී තිබූ බව දිස්වෙනවා. ඇයගේ ඡායාරූප සඳහා ලැබී තිබූ වැඩිම තඪඬඥ ප්‍රතිචාරය වූයේ තඪඬඥ 67,801ක සංඛ්‍යාවක්.

ශලිනි තාරකාද ජනප්‍රියත්වය දිනා සිටින රංගන ශිල්පිනියක්. ඇයගේ ධටටඪජඪචත ෆේස්බුක් ෆෑන් පේජයටද ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබී තිබෙනවා. ඇයගේ ෆේස්බුක් ෆෑන් පේජයට තඪඬඥ කළ පිරිස 11,05,747ක්. එය ටධතතධඹ කරන පිරිස 11,07,272ක්. ඇය පළ කළ ඡායාරූප සඳහාද ඉහළ ප්‍රතිචාර ලැබී තිබුණා. දසදහස ඉක්මවූ තඪඬඥ ප්‍රතිචාරද ඇයගේ ඡායාරූප සඳහා විටින් විට ලැබී තිබෙනවා. ඇයගේ ඡායාරූපයක් සඳහා වන වැඩිම තඪඬඥ ප්‍රතිචාර ලැබී තිබුණේ 89,000ට වැඩි තඪඬඥ ප්‍රමාණයක්. ඊට ආසන්න සීමාවේ තඪඬඥ ප්‍රතිචාර ලෙස 73,650ක තඪඬඥ ප්‍රතිචාරද ලැබී තිබූ ඡායාරූප ඇයගේ ඡායාරූප ගොන්නට ඇතුළත්.

මෑත කාලයේ රංගන ක්ෂේත්‍රයට එක් වූ මිෂෙල් දිල්හාරාද අඩුම කාලයක් තුළ වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින් ඉදිරියට විත් තිබෙනු දකින්න පුළුවන්. ඇයගේ ධටටඪජඪචත ෆේස්බුක් ෆෑන් පේජයට දැනට තඪඬඥ ප්‍රතිචාර 73,305ක් ලැබී තිබෙන අතර පේජය ටධතතධඹ කරන පිරිස 73,301ක්.

මිෂෙල් පළ කළ ඡායාරූප සඳහාද ඉහළ ආකර්ෂණයක් ලැබී තිබෙනවා. දහස ඉක්මවූ තඪඬඥ පළ කිරීම් ඡායාරූප බොහෝමයකට හිමියි. ඇයගේ ඡායාරූපයකට වැඩිම තඪඬඥ ප්‍රමාණය ලෙස 316,689 (තුන්ලක්ෂ දහසය දහස් හයසිය අසූනවයක්) හිමි වී තිබීම සුවිශේෂීයි. කමෙන්ට්ස් ප්‍රතිචාරද 23,129 ඉක්මවා තිබිණි. එය පිළිතුරු කමෙන්ට් සහිතවය.

ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රියම ගොන්නේ ඉදිරියෙන් සිටින රංගන ශිල්පිනියන් සිය ෆේස්බුක් ෆෑන් පේජ් තුළ පළ කළ ඡායාරූපවලින් සිය ජනප්‍රියත්වය සටහන් කරගෙන තිබුණේ එලෙසයි. ඔවුන්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් පිරික්සන කල ඔවුන් මෙලෙස සිය ජනප්‍රියත්වය යම් යම් කාලසීමාවන්හිදී සුවිශේෂී ලෙස සටහන් කරගෙන තිබීමද විශේෂය. මේ පළ කිරීම් යම් යම් කාලසීමාවන්හිදී හා යම් පසුබිම්හිදි. වෙනස් වීමට ඉඩ ඇති නමුත් අප කළ අධ්‍යයනයන්ට අනුව ඔවුන් සිය ජනප්‍රියත්වය ෆේස්බුක් ෆෑන් පේජ් මඟින් රඳවා ගෙන තිබුණේ එලෙසයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon