විභාග කාලය තුළ වර්ජන පැවැත්වීම පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමක් - අධ්‍යාපන ඇමැති

  👤  1491 readers have read this article !
Published by : MB WEB 2018-07-25 09:50:35

පාසල් වාර විභාග පැවැත්වෙන කාලය සම්බන්ධ කරගනිමින් හෙට (26) පාසල් තුළ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම වෘත්තීය සමිති ක්‍රියා කළද එය පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඒ මහතා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය තරයේ හෙළා දකින බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් දරුවන් හා දෙමාපියන් අවධානයෙන් සිටින ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

සමහර නිලධාරීන් තම තනතුරු භාවිත කරමින් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවට සහන ලබාදීම අසාධාරණ බව සඳහන් කරමින් මෙම වැඩවර්ජනය දියත් කිරීමට වෘත්තීය සමිති කටයුතු කර තිබෙන අතර එහිදී අසාධාරණ ලෙස පත්වීම් ලබාදී තිබෙන්නේ නම් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

කිසිදු බාධාවකින් තොරව විභාග පැවැත්වීමට කටයුතු කරන බවත සඳහන් කළ අමාත්‍යවරයා දේශාපලන අරමුණු වෙනුවෙන් දරුවන් සම්බන්ධ කර නොගතයුතු බව ද අවධාරණය කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon