ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයත් සමඟ සැප්තැම්බර් 15 දා ඩුබායි හිදී ඇරැඹේ

  👤  1869 readers have read this article !
Published by : MB WEB 2018-07-26 13:25:10

ශ්‍රී ලංකාව ඇතුළුව ආසියානු ක්‍රිකට් කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර, ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදා සිට සැප්තැම්බර් 28 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලිය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය.

ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ 14 වැනි තරගාවලිය වන මෙවර තරගාවලියට තෙවැනි වරටත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් සත්කාරකත්වය දරනු ලබයි. 2016 වසරේ බංග්ලාදේශයේදී පසුගිය වරට පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය විස්සයි-20 ආකෘතිය යටතේ පැවැත්වුණු පළමු තරගාවලිය වූ අතර එහි ශූරතාව ඉන්දියාවටත් අනුශූරතාව බංග්ලාදේශයටත් හිමි විය.

කෙසේ වෙතත් යළිත් එක්දින ආකෘතියට පැවැත්වෙන මෙවර තරගාවලියේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය හැරුණු කොට එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සිංගප්පූරුව, ඕමානය, නේපාලය, මැලේසියාව හා හොංකොං යන කණ්ඩායම් අතර පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශූරතාව හිමිකරගන්නා කණ්ඩායමද ආසියානු කුසලානයට වරම් ලබාගනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon