ඇමැති අනුමැතිය ඇතත් නම් ලැයිස්තු සඟවලා

  👤  1420 readers have read this article !
Published by : MB WEB 2018-07-27 12:46:28

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාවලිය වෙනුවෙන් මේ වනවිටත් ඇමැති අනුමැතිය හිමිව ඇති ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කිරීමට දැල්පන්දු සංගමය විසින් හිතාමතාම ප්‍රමාද කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මස 1 වැනිදා සිට 9 වැනිදා දක්වා සිංගප්පූරුවේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා 12දෙනකුගෙන් යුත් සංචිතයක් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙයට සති දෙකකට පෙර අනුමැතිය ලබා දී තිබුණද එම අවසන් 12 දෙනාගේ ලැයිස්තුව මේ වනවිටත් මාධ්‍යට නිකුත් කිරීමට දැල්පන්දු සංගමය අපොහොසත් වී ඇති අතර, ඊට ආසන්නතම හේතුව තේරීම් කටයුතු පිළිබඳව මතු වී ඇති ප්‍රශ්නයක් නිසා යැයි පැවැසේ.

ආසියානු තරගාවලියට පෙර පුහුණුවක් ලබාදීමේ අරමුණින් 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් මලාවි දේශය බලා පිටත්ව යෑමට නියමිතව ඇති අතර, එම සංචිතයට මෙන්ම ආසියානු කුසලාන දැල්පන්දු සංචිතයටද ඇමැති අනුමැතිය ලැබී තිබූ බවද දැනගන්නට ඇත.

මේ අතර මලාවි දේශය බලා යන හා ආසියානු කුසලානයට යන සංචිතවල නායකත්වය සඳහා චතුරංගි ජයසූරිය පත්කර ඇති අතර, දර්ශිකා අබේවික්‍රම උපනායිකාව ලෙස පත්කර තිබේ.

කෙසේ වෙතත් මලාවි දේශය සමඟ පැවැත්වෙන තරගාවලියේදී දක්වන දක්‍ෂතා තෝරාගත් ආසියානු සංචිතයට බලපෑමක් එල්ල නොවන අතර, ආසියානු සංචිතය සඳහා තෝරාගත් අවසන් 12 දෙනා කිසිදු අයුරකින් වෙනස් නොවන බවද පැවැසේ.

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියට තෝරාගෙන ඇතැයි පැවැසෙන සංචිතය (අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනාද ඇතුළුව) - චතුරංගි ජයසූරිය (නායිකා), දුලංගා ධනංජි, දුලංගි වන්නිතිලක, ශ්‍යාමලී රත්නායක, හසිතා මෙන්ඩිස්, ගයාංජලී අමරවංශ, තර්ජනී සිවලිංගම්, දර්ශිකා අබේවික්‍රම, තිළිණි වත්තෙගෙදර, සුරේඛා කුමාරි, එලිලෙන්තිනි සේතුකාවලන්, රිසුරි විජේසුන්දර, ගයනි දිසානායක, රුවිනි යටිගම්මන, නෞචලී රාජපක්‍ෂ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon