මනුසතා අවදි කරන ධනුෂ්ක

  👤  2067 readers have read this article !
Published by : MB WEB 2018-07-30 14:11:01

මනුසතා වගේ ගීතයක් ලියන්න හිතුවේ ඇයි?

මනුසතා ගීතය ලියවෙන්න බලපෑ ප්‍රධාන හේතුව තමයි 2016 දී ඇතිවුණු මහා ඛේදවාචකය. ලංකාවේ අගනගරයෙන් විශාල භූමි ප්‍රමාණයක් ගං වතුරෙන් වහගත්තා. ඔය සිද්ධිය එක්ක සමාජමය වටපිටාවෙන් අපිට ඇහුණ දැනුණ සහ කතාබහට ලක්වුණ හැමදේකම යථාර්ථය දේශපාලනික සහ සමාජීය පාපෝච්චාරණය කිරීමක් විදියට තමයි මනුසතා ලියවෙන්නේ. මොකද ඒ අත්දැකීම මටත් සජීවීව දකින්න ලැබුණා. එදා ගං වතුරෙන් අවතැන්වුණු අපේම මිනිස්සුන්ට ආධාර උපකාර කරලා ඇවිත් "රුදුරු ගං දියත් ගැලුවම දැනුණේ වියසනේ අප කළ" කියන වචන ටික මුලින්ම ලියලා තමයි මනුසතා ලියන්න පටන් ගත්තේ.

මනුසතාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

"මනුසතා"ට ලංකාව තුළ රොක් සංගීත රසිකයන්ගෙන් හුඟාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම ප්‍රසංග වේදිකාවේ මනුසතා ගායනා කරද්දී ලැබෙන රසික ප්‍රතිචාර දැක්කම සතුටුයි. ලංකාවට ර්ඥබචත අධජඬ ආකෘතියේ ගීත අලුත්. නමුත් ලංකාවේ ඇතැම් ගුවන් විදුලි නාළිකා මනුසතා ර්ථීතචර කරන නිසා මනුසතාට ලැබුණු රසික ප්‍රතිචාර එක්ක සාර්ථක නිර්මාණයක් කළා කියලා දැනෙනවා.

මනුසතා ගීතයට ජනප්‍රියත්වය ලැබුණේ ගීතයේ පද නිසාද? චිත්‍රාල්ගේ හඬ නිසාද?

ප්‍රබලවම මේ ගීතයේ හඬ සහ සංගීත ආකෘතිය නිසයි ගීතය ජනප්‍රිය වුණේ. ඒ වගේම සාමාන්‍ය ගීතයක දකින්න ලැබෙන ගීත රචනාවට වඩා මනුසතා ගීතයේ පද වෙනස් හැඩයක් තියෙන්නේ. විශේෂයෙන් මේ ගීතයේ මම ලියපු කිසිම වචනයක් චිත්‍රාල් අයියා වෙනස් කරන්න උත්සාහ කළේ නෑ. වචන ටික කියවලා පැයක්වත් යන්න කලින් මට ථඥතධඤර එක එව්වා. මං හිතන්නේ ඒ පද රචනය ඔහුට දැනුණු නිසා වෙන්න ඇති. ඇත්තටම ගීතයක් ජනප්‍රිය වෙන්නේ ගී පද, තනුව සහ සංගීතය මේ සියල්ලම සංකලනයෙන්. විශේෂයෙන් මේ ගීතයේ සංගීතය සඳහා යොදාගෙන තිබුණේ අති දක්ෂ විදේශීය වාදකයන්. මං හිතන්නේ මේ ගීතයේ සියලු සාධකවල සංකලනයෙන් "මනුසතා" පූර්ණය වුණා.

මේ දිනවල පරිසර විනාශය ගැන රටේ වැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා. මනුසතා හරි වෙලාවට නිකුත් කළ නිසා රසිකයන් වැලඳ ගත්තා කියලා කෙනෙක් කිව්වොත්?

ලංකාව තුළ පරිසර විනාශය කියන මාතෘකාව අද හෙට නවතින කාරණාවක් නෙවෙයි.

සංවර්ධන උණෙන් පෙළෙන මනුසතා කොටින්ම ඒ තුළින් තම අරමුණ ඉටුකරවා ගැනීමක් තමයි ලංකාවේ දකින්න තියෙන්නේ. මොකද සංවර්ධනය තුළ තිරසර අරමුණු දකින්න නෑ. ඇතිවෙන පාරිසරික ප්‍රශ්නවලට ආදේශක සහ ක්‍රියාමාර්ග තීරණය වෙන්නේ යම් කිසි ව්‍යසනයක් ඇති වුණාම විතරයි. අනෙක් කාරණාව මනුසතා නිර්මාණය තුළ තියෙන්නේ අනාගතයේදී මිනිසුන්ට දැනෙන සංවේදී කතාබහක්. ඒ නිසා මෙය අදටත් වඩා අනාගතයේදී දවසක අගයාවි.

චිත්‍රාල් වැනි ජනප්‍රිය ගායකයකු සමඟ නිර්මාණයක් කරන්න ලැබුණු අවස්ථාව සහ එවැනි කෙනෙක් සමඟ වැඩ කරන්න ලැබීම අභියෝගයක් වුණේ නැද්ද?

චිත්‍රාල් සෝමපාලයන් වැනි ජේ‍යෂ්ඨ කලාකරුවකු සමඟ නිර්මාණයක් කරන්න ලැබීම මගේ භාග්‍යයක්. සුදුස්සාව අගයන සහ දක්ෂයන්ට අවස්ථාව දෙන නිහතමානී කලාකරුවෙක් විදියට තමයි මං ඔහුව දකින්නේ. අපි දෙන්නාගේ මුල්ම ගීත නිර්මාණය වුණාට ඔහුගේ වෙනත් ර්ථීපධණඥජබඵ සහ නිර්මාණ කටයුතු එක්ක අපි වැඩකටයුතු කරනවා. ඒ නිසා ඇත්තටම අපි හොඳ අවබෝධයකින් තමයි වැඩ කටයුතු කරන්නේ. ඔහු නිර්මාණයක් කිරීමේදී උපරිම නිදහස දෙන කෙනෙක්. මම මීට පෙර රොක් සංගීත ශෛලියේ ගීත ලියා තිබුණේ නෑ. නමුත් ඔහුට උච්චාරණය කළ හැකි සහ ඔහුගේ ශෛලියට ලියන්නේ කොහොමද කියන දේ ගැන අවබෝධයක් මට තිබුණා.

මනුසතා තුළ ඇතුළත් පණිවිඩ රසිකයන් භාරගනීවිද?

අපට ඕන වුණේ මිනිසුන්ට දැනෙන හැඩයකට වැඩක් කරන්න. මේ තුළ කිසිවක් ව්‍යංගයෙන් ලබා දෙන්න උත්සාහ කළේ නෑ. ඒ නිසාම "ඔටුනු පලඳලා කුමටද අපිම ගෙල සි¼දා මැරුණම" කියන වචන තුළින් දේශපාලනික පරිසරය විග්‍රහ වෙනවා. ලංකාව වගේ රටක ස්ථීරසාර ප්‍රතිපත්ති මාලාවක් නෑ වගේම ඕනෑම කෙනෙක් තමන්ට වාසිදායක රාමුවක තමයි වැඩකටයුතු කරන්නේ. ඒ සඳහා කිසිදු බයක් නැතිව මේ පණිවිඩය සමාජගත කරන්න පුළුවන් එකම හඬ වුණේ චිත්‍රාල් අයියා. මනුසතා වීඩියෝව තුළින් බූඩි කීර්තිසේනයන් සහ ඇරීමැක් කණ්ඩායම වෙනස්ම නිර්මාණයක් කරන්න අපිත් එක්ක එකතු වුණා. මේ මනුසතා බලන හැම කෙනාම හෘදසාක්ෂියට එකඟව ස්වයං විවේචනයක් කරාවි අපි කරන දේ හරිද කියලා.

මනුසතා වීඩියෝව අනුකරණයක්ද?

බොහෝ විට අපි කතා කරන ඛ්ධදජඥනබ එක තුළ මේ හා සමාන ජ්ධපථඵ තියෙන්න පුළුවන්. නමුත් මේ වීඩියෝව බලන ඕනෑම කෙනකුට පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් අපි කතා කරන රාමුව කොතැනද ඒ තුළින් ජනගත කරන කාරණාව මොකක්ද කියන වග. රූප මාධ්‍යයේදී මේ කාලසීමාව තුළ අප විසින්ම ස්වභාවධර්මයට එරෙහිව කළ බලපෑම් හේතුවෙන් අපටම විඳින්න වෙන දේවල් මේ තුළින් දකින්නට පුළුවන්.

ගීත නිර්මාණයක් කරන්න ඔබ සෑහෙන කාලයක් ගන්නේ හොඳ නිර්මාණයක් බිහි කරන්නද?

මම වෘත්තිකයෙක් විදියට පද රචනය කරන කෙනෙක් නෙවෙයි. නිර්මාණයක් කිරීමේ කාල පරතරය, නිර්මාණය කරන්නේ ලැබෙන නිදහස් වටපිටාව එක්ක තමයි. මම විශ්වවිද්‍යාලයේ සේවය කරන්නේ. ඒ වගේම නිර්මාණ කළමනාකරුවෙක් වශයෙන් ප්‍රචාරණ ආයතන කීපයකම සේවය කරනවා. මේ දිනවල ඡ්ච්ර් ආරට රූනි එක්ක කළ අරුණ ගුණවර්ධනයන් සංගීතවත් කළ "මල් තුහිනයේ" කියන ගීතය නාළිකාවල ප්‍රචාරය වෙනවා. තවත් මම රචනා කළ බොහෝ ගීත තියෙනවා. නමුත් ගීතයක් රසිකයන් අතරට ගේන්න ලොකු පිරිවැයක් යනවා. ඒ නිසා ඇතැම් ගායක ගායිකාවන්ට කළ නිර්මාණවල රූප රචනා කටයුතු නිසා නිර්මාණ රසිකයන් අතරට එන්න ප්‍රමාද වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණ දකින්න ලැබේවි.

මෙතෙක් ආ ගමන ගැන ඔබ තෘප්තිමත්ද?

අද හුඟාක් කලාකරුවන් විවිධාකාරයෙන් නිර්මාණ මත කොටු වෙලා. මම ලේබල් වෙන්න ආස කෙනෙක් නෙවෙයි. නිර්මාණකරුවන් කියන්නේ අදහස් නිර්මාණාත්මක ප්‍රවේශයකින් ඉදිරිපත් කරන පිරිසක්. ශාස්ත්‍රීය, ප්‍රේම ගීත, ඡ්ච්ර් ඕනම ආරක නිර්මාණ මගේ ගීත රචනා තුළ ඇතුළත්. ඒ නිසා මං හෙමින් ආව ගමන ගැන තෘප්තිමත්.

ලක්ෂිකා දිව්‍යාංජලි වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon