අයිශාරාගේ ජීවිතයට අලුත් කෙනෙක් එන ලකුණු

  👤  3056 readers have read this article !
Published by : MB WEB 2018-07-31 06:33:17

අයිශාරා අතුකෝරල කියන්නේ පැණි මකුළුවෝ චිත්‍රපටයෙන් බොහෝදෙනෙක් හඳුනගත්ත රංගන ශිල්පිනියක්. ඇය සිනමාව විතරක් නෙමෙයි වේදිකාව එක්කත් ගනුදෙනු කළ කෙනෙක්. ජයන්ත චන්ද්‍රසිරිගේ හංකිති දහතුනටත් ඇය සම්බන්ධ වුණා. විවාහයෙන් පස්සේ විදේශගත වුණ අයිශාරාගේ ජීවිතයට අලුත් කෙනෙක් එන්න සූදානම් නිසා ඇයව අපි මෙවර හදගැස්මේ කතාබහට එකතු කරගත්තා.

කොහොමද ඉතින් ජීවිතේ?

ජීවිතය හොඳින් ගෙවෙනවා. හැබැයි ටිකක් කම්මැළියි. මේ දවස්වල විවේකයෙන් ඉන්නවා. ෆිල්ම්ස් බලනවා. එහෙම තමයි කාලය ගත කරන්නෙ. මේ දවස්වල මට වෘත්තීය කටයුතු කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා ගොඩක් දවස් ඉඳන් ගෙදරමයි හිටියේ.

ජීවිතේට අලුත් කෙනෙක් එකතු වෙන්න නේද යන්නේ?

ඔව්. මම මවක් වෙන්න සූදානම් වෙන්නේ. ප්‍රෙග්නන්ට් නිසා තිබෙන අපහසුතා එක්ක තමයි මේ ටිකේ ගෙදරටම වෙලා ඉන්නෙත්. ඉතින් අපේ ජීවිතයට එකතු වෙන කෙනා එනකල් ආදරයෙන් බලාගෙන ඉන්නවා.

ඒ වෙනසට සූදානම් වෙන්නද ලංකාවෙන් ගියේ?

නෑ. එහෙම කියලා නෙමෙයි ලංකාවෙන් ආවේ. වෙඩින් එකෙන් පස්සේ ලංකාවෙන් එන්න වුණේ මගේ හස්බන්ඩ්ගේ ජොබ් එක නිසා. මේ කාලයේ මවක් වෙනවා කියලා සැලසුමක් තිබ්බේ නැහැ. මේ කාලසීමාවේදී කරන්න චිත්‍රපටයකුත් මම භාරගෙන තිබුණා.
නමුත් මම මවක් වෙන්න ඉන්නේ කියලා දැන ගත්තම ඩොක්ටර්ස්ලා කිව්වා ට්‍රැවල් කරන්න එපා කියලා. ඒ නිසා ඒ වැඩ අතහරින්න සිද්ධ වුණා.

අයිශාරාගේ ජීවිතයට එකතු වෙන්න ඉන්නේ පුතෙක්ද? දුවෙක්ද?

දුවෙක්ද පුතෙක්ද ලැබෙන්න ඉන්නේ කියලා තාම දන්නේ නෑ. ඊළඟ ස්කෑන් එකේදි තමයි ඒක දැනගන්න පුළුවන් කියලා වෛද්‍යවරයා කිව්වේ.

අයිශාරා වැඩිපුරම කැමැති කාටද?

දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නෑ. මම ඒ දෙන්නටම කැමැතියි. හස්බන්ඩ් නම් වැඩිපුර කැමැති දුවෙක්ට. බලමු ඉතින්.

මවු පදවියෙන් පස්සේ අයිශාරා රංගනයට තිත තියයිද?

නැහැ. සැමියාගෙන් මට හැම දේටම ලොකු සහයෝගයක් ලැබෙනවා. විවාහ වෙන්න කලිනුත් එයා උදවු කළා. හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙනවට එයා කැමැතියි. විශේෂයෙන් මම ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ ස්ටේජ් ඩ්‍රාමා එක කරනවට එයා කැමැත්තෙන් හිටියා. හංකිති දහතුන දුරබැහැර ප්‍රදේශවල පෙන්නද්දිත් එයා ඒක බලන්නත් ඇවිත් තියෙනවා. එයා කියන්නේ හොඳ නිර්මාණයක් නම් කරන්න කියලා. විවාහ වුණා කියලාවත් බබෙක් ලැබුණා කියලාවත් ඒකෙ වෙනසක් නෑ. හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න එයා උදවු කරනවා. කලාත්මක නිර්මාණවලට තමයි එයා කැමැති. මම තෝරාගෙන වැඩ කරන නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

ඒ කියන්නේ අයිශාරා රංගනය අතහරින එකක් නෑ?

ඔව්. රංගනය අතහරින්නේ නැහැ. දිගටම රංගන කටයුතු කරගෙන යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. සැමියත් උදවු කරන නිසා මගේ රංගන කටයුතුවලට ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි කියලා මම විශ්වාස කරනවා.

ලංකාවේ නොහිටිය නිසා සමහර නිර්මාණ අයිශාරාගෙන් දුරස්වෙලා නේද?

ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ හංකිති දහතුන වේදිකා නාට්‍යයේ ෂෝ 150ක් වගේ වෙනකල් මම හිටියා. ඊට පස්සේ ඒ චරිතයට වෙන කෙනෙක් පුහුණු කරලා තිබ්බා. අවශ්‍ය විදියට දැනුම්දීලා තමයි මම එයින් ඉවත් වුණේ. එයින් ඉවත් වන්න සිදුවුණු එක ගැන දුකයි. ඒ වගේ වැඩ රටින් පිට ඉද්දි මට මඟහැරෙනවා.

දිගටම විදේශගතව ඉන්නද අදහස?

ලංකාවේ කලා කටයුතු මඟහැරෙන එක ගැන ටිකක් දුකයි. ඒ නිසා ඉක්මනින් ලංකාවට එන්න තමයි හිතාගෙන ඉන්නේ. ලංකාවේ පදිංචි වෙන්නත් හිතාගෙන ඉන්නවා. බබා ලැබුණට පස්ස් ලංකාවට ඇවිත් යන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ ටික කාලයකින් ලංකාවේ නවතින්නම හිතාගෙන ඉන්නවා.

අයිශාරා සම්බන්ධ වෙච්ච නිර්මාණ කිහිපයක් තිරගත වෙන්නත් තිබෙනවා නේද?

ප්‍රදීප් ධර්මදාස කරපු ධ්ජඥ ජපඥචථ ෆිල්ම් එක එන්න තියෙනවා. ඒක මේ අවුරුද්දේ අන්තිමට තිරගත වෙයි කියලා තමයි දැනගන්න ලැබුණේ. ඒ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. ජයන්ත චන්ද්‍රසිරි සර්ගේ ඝරසරප චිත්‍රපටය ලබන මාසේ විතර තිරගත වෙයි. ඒකෙ ආරාධිත රංගනයක් තමයි කළේ. පොඩි චරිතයක් වුණත් සර්ගේ වැඩක් නිසා ආසාවෙන් කළා. ධ්ජඥ ජපඥචථ චිත්‍රපටයේ මංගල දර්ශනය මේ වසර අවසානයේදී තිබ්බොත් ඇවිත් යන්න බලාපොරොත්තු වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - ෆ්‍රැන්ක් නන්දික දිසානායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon