කරඹේ විද්‍යාලයේ ශාමල් තරිඳුට මහව කලාප ක්‍රීඩා ශූරතාවක්

  👤  1699 readers have read this article !
Published by : MB WEB 2018-07-31 10:02:34

හිරියාල - කේ.පී. සුනිල්


මහව අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලක් වන කරඹේ මහා විද්‍යාලයේ 8 ශේ‍ර්ණියේ ආර්.එම්. ශාමල් තරිඳු විජේරත්න සිසුවා මහව කලාප අවුරුදු 14න් පහළ වයස් කාණ්ඩයේ මලල ක්‍රීඩා ශූරතාව හිමි කර ගැනීමට සමත්ව සිටී.


මීටර් සියය දිවීම, යගුළිය දැමීම හා උස පැනීම යන ඉසව්වලින් ප්‍රථම ස්ථාන දිනා ගනිමින් ශාමල් මෙම ශූරතාව හිමිකරගෙන ඇත.


එසේම වයඹ පළාත් තරගාවලියේදී යගුළිය දැමීමේ තරගයට සහභාගි වූ ඔහු දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් සමස්ත ලංකා තරගයට සහභාගි වීම සඳහා සුදුසුකම් ලබා ඇති බවද කරඹේ විද්‍යාලයේ ක්‍රීඩා උපදේශිකා කේ.එම්.අයි.කේ. බස්නායක මහත්මිය පැවැසුවාය.


මෙම ජයග්‍රහණය ලබාගැනීම සඳහා කරඹේ විද්‍යාලයේ විදුහල්පති එච්.එම්. සිරිවර්ධන මහතාගේ හා සුසන්ත රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම මෙන්ම මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක අංජන ද සිල්වා මහා වෙතින් ලද පුහුණුවද දායක වූ බව බස්නායක මහත්මිය ප්‍රකාශ කළාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon