ගුවන් යානයක් කඩා වැටෙයි-85කට තුවාලයි-දෙදෙනෙකුට බරපතළයි

  👤  1811 readers have read this article !
Published by : MB WEB 2018-08-01 11:17:04

මෙක්සිකෝවේ ඩුරන්ගෝ ප්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටී තිබේ.

ඩුරන්ගෝ ගුවන්තොටුපලේ සිට මෙක්සිකෝ නගරය දක්වා ගමන් ආරම්භ කළ මගී ගුවන් යානයක් ගුවන් ගත කර මද වේලාවකින් මෙලෙස කඩා වැටී ඇති අතර කඩාවැටෙන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 101 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙසේවෙතත් 85 දෙනෙකු ඉන් තුවාල ලබා ඇති ඇති අතර දෙදෙනෙකුගේ තත්වය බරපතල බව සඳහන්ය.

අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ගොඩබෑමකට උත්සාහ කිරීමේදී ගුවන් යානය කඩා වැටී ඇති බව ඩුරන්ගෝ ගුවන්තොටුපල බලධාරීන් පවසා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon