පෘතුගාලය සහ ස්පාඤ්ඤය යුරෝපයේ උෂ්ණත්ව වාර්තා බිඳ දැමීමට ආසන්නයි

  👤  1547 readers have read this article !
Published by : MB WEB 2018-08-05 13:04:45

යුරෝපය තවත් උණුසුම් වායු ප්‍රවාහයකින් පීඩා විඳින අතරේදී, උණුසුම් තත්ත්වය පිළිබඳ මෙතෙක් පැවති වාර්තා ඉදිරි දිනවලදී බිඳ වැටෙනු ඇති බව කාලගුණ අනාවැකි පවසන්නෝ පෙන්වා දෙති.

කලාපය තුළ මෙතෙක් වාර්තාවූ ඉහළ ම උෂ්ණත්ව අගය වූ සෙල්සියස් අංශක 48 (ෆැරන්හයිට් 118.4) 1977 වසරේදී වාර්තාවූයේ ඇතැන්ස් නුවරිනි.

අප්‍රිකාව හරහා හමා එන උණුසුම් වායු දහරාවේ බලපෑම හේතුවෙන් ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ උණුසුම ඉහළ නගිමින් පවතී.

බීබීසී කාලගුණ අනාවැකි වලට අනුව සිකුරාදා හා සෙනසුරාදා (අගෝස්තු 03 හා 04) නිරිතදිග ස්පාඤ්ඤයේ හා ගිනිකොනදිග පෘතුගාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47ක් (ෆැරන්හයිට් 116.6) වේ.

2003 වසරේදී පෘතුගාලයේ ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 47.4 (ෆැරන්හයිට් 117.3) වාර්තා වූ අතර ස්පාඤ්ඤයේ ඉහළ ම අගය ලෙස සෙල්සියස් අංශක 47.3ක් (ෆැරන්හයිට් 117.1) පසුගිය වසරේ ජූලි මාසයේදී වාර්තා විණි.

එක්සත් රාජධානියේ ගිනිකොනදිග පෙදෙසට සෙල්සියස් අංශක 33 ක (ෆැරන්හයිට් 91.4) උෂ්ණත්වයක් අපේක්ෂා කෙරේ.

අනතුරු ඇඟවීම්

අවම තරමින් ඉරිදා තෙක් බලපැවැත්වෙන පරිදි අනතුරු ඇඟවීමක් කළ ස්පාඤ්ඤයේ ජාතික කාලගුණ සේවය, උණුසුම් වායු ප්‍රවාහය "විශේෂයෙන් ඉහළ තත්ත්වයක පවතින අතර නිරිතදිග ප්‍රදේශයට බලපාන" බව කියා සිටියේය.

Meteoalrm නම් වූ ක්‍රියාකාරී කණ්ඩායම විසින් ඉතා භයානක හා ජීවිතයට තර්ජනයක් වන ලෙස වර්ගීකරණය කළ රතු නිවේදනයක් නිකුත් කළේ දකුණුදිග පෘතුගාලයේ බොහෝ ප්‍රදේශ හා ස්පාඤ්ඤයේ බඩාජෝස් (Badajoz) පළාත ආවරණය වන ලෙසිනි.

ඉතාලිය ද, රෝමය, ෆ්ලොරන්ස් හා වැනීසිය වැනි සංචාරක ස්ථාන ද ඇතුළත් වන මධ්‍යම හා උතුරු ප්‍රදේශ ආවරණ වන පරිදි රතු නිවේදන නිකුත් කර තිබිණි.

ඇතැන්ස් හි සටහන් වූ සෙල්සියස් අංශක 48 ක වාර්තාව සමකිරීමේ 40% ක පමණ ඉඩකඩක් ඇතැයි පවසන Meteogroup පෙන්වා දෙන්නේ "යුරෝපයේ උෂ්ණත්ව අගය පිළිබඳ වාර්තාව බිඳ දැමීමේ 25% - 30% අතර ඉඩකඩක්" තිබෙන බවය.

රාත්‍රියේ අවම උෂ්ණත්වය ද පවතිනු ඇත්තේ සෙල්සියස් අංශක 25-30 (ෆැරන්හයිට් අංශක 77-86) වැනි අගයක බව Ipma (ඉප්මා) නම්වූ පෘතුගාල ජාතික කාලගුණ සේවය පැවසීය.

ස්වීඩනයේ කෙබ්නෙකායිස් (Kebnekaise) කඳුකරයේ ඇති ග්ලැසියරයක් දිනකට සෙන්ටිමීටර කීපයක ප්‍රමාණයෙන් දියවීමට පටන්ගෙන තිබේ. මේ තත්ත්වය නිරීක්ෂණය කරන විද්‍යාඥයෝ, කඳුකරයේ උතුරුදිග මුදුන හිමිකරගෙන තිබූ 'උසම ස්ථානය' යන තත්ත්වය අහිමිකරගනු ඇතැයි පවසති.

සිසිලස සොයා මාර්ගවල ඇති උමංවලට පිණිමුවන් මෙන්ම බැටළුවන් පිවිසෙන බැවින් අවධානයෙන් පසුවන්නැයි නෝර්වේජියානු පොදු මාර්ග පාලනාධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා ඇත.

මේ අතර ග්‍රීසියේ පැතිරුණු ලැව් ගිනි හේතුවෙන් 90 ට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ අතර ආර්ක්ටික් වෘත්තය (Arctic Circle - ලෝක සිතියමේ උතුරින් ම වූ අක්ෂාංශ රේඛාව) තරම් වූ උතුරු දෙස හටගත් ගිනිගැනීම් මැඩලීමට ස්වීඩනයට සිදුවිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon