'Facebook' සහ 'Instagram' ගිණුම්වල රැඳී සිටින කාලය සීමා කිරීමේ උපාංගයක් හඳුන්වා දෙයි

  👤  1906 readers have read this article !
Published by : MB WEB 2018-08-05 14:18:32

පුද්ගලයෙකු සිය ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුළ ගත කරන කාලය සීමා කිරීම සඳහා එකී මෘදුකාංගවලට නව උපාංගයක් එක් කර තිබේ.

ඕනෑවට වඩා සමාජ ජාල පරිහරණය කිරීම මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය ගැන අවධානය යොමු වීමත් සමග, ෆේස්බුක් ආයතනය විසින් මෙම නව උපාංගය හඳුන්වාදීමට කටයුතු කර ඇත.

මෙම උපාංගය ඔස්සේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන්ට සිය ගිණුම තුළ රැඳී සිටි කාලය දැනගත හැකිය. එමෙන්ම, තමන්ගේ ගිණුමේ ගත කළ යුතු කාල සීමාව ආසන්න බව සිහිගැන්වීමේ සංඥාවක් ඇතුළත් කර තැබිය හැකි අතර, ගිණුමේ දැක්වෙන 'දැනුම්දීමේ සලකුණු' (notifications) යම් කාලයකට ඉවත් කර තැබිය හැකිය.

නමුත් මෙමගින් සම්පූර්ණයෙන්ම තත්වය පාලනය වීමක් නොවන බව සමහරුන්ගේ මතයයි.

"මම හිතන්නේ නැහැ මෙය විප්ලවීය වෙනසක් හෝ මේ නිසා බොහෝ පුද්ගලයන් ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් පාවිච්චි කරන එක වෙනස් කරයි කියලා," ඔක්ස්ෆර්ඩ් අන්තර්ජාල ආයතනයේ ග්‍රාන්ට් බ්ලෑන්ක් බීබීසී 'නිව්ස්බීට්' (Newsbeat) වෙත පැවසීය.

"මම හිතන්නේ මෙය ඔවුන්ගේ ආයතනයේ අභිරුචිය වන, හැකි තාක් මිනිසුන් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුම්වල කාලය ගත කිරීම සහ දැනුම්දීමේ සලකුණු කරදරයක් ලෙස සලකන පුද්ගලයන්ට පිළිතුරුදීම අතර සමතුලනය කර ගැනීමට දැරූ උත්සාහයක්."

2017 දෙසැම්බර් මාසයේ ෆේස්බුක් සමාගම පළ කළ ලිපියක පරිශීලකයෙකු සිය ගිණුම තුළ වැඩි කාලයක් ගත කිරීමෙන් ඇතිවන නිශේධනීය බලපෑම පිළිබඳ දක්වා තිබිණි.

මිචිගන් විශ්වවිද්‍යාලයේ සිසුන් සහභාගි කරගෙන සිදු කළ සමීක්ෂණයකදී හෙළි වූයේ, මිනිත්තු 10ක් ෆේස්බුක් ගිණුම්වල ඉහළ පහළ ගොස් එහි ඇති දෑ නැරඹූ සිසුන් දිනය අවසාන වන විට "ඉතා නරක මානසික තත්වයකින්" සිටි අතර, සිය ගිණුමේ නොයෙක් දෑ පළ කරමින්, මිතුරන් සමග සාකච්ඡා කළ සිසුන් වඩාත් ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටි බවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon