වෙනිසියුලා ජනපති ඝාතන තැතට හයදෙනකු අත්අඩංගුවට

  👤  1214 readers have read this article !
Published by : MB WEB 2018-08-07 14:50:36

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගන්නා ලදැයි එරට අභ්‍යන්තර කටයුතු භාර ඇමැතිවරයා ජාතික රූපවාහිනියේ ප්‍රකාශ කළේය. වෙනිසියුලා අගනුවර කැරකස්හි හමුදා පෙළපාළි උත්සවයක ජනාධිපතිවරයා කතාවක් කරමින් සිටියදී එම ඝාතන ප්‍රයත්නය දරන ලද අතර පුපුරන ද්‍රව්‍ය රැගත් ඩේ‍රා්න යානා ජනාධිපති වෙත ඇදී නොආ හෙයින් ඔහු ප්‍රහාරයෙන් බේරුණේය.

ජනාධිපති මදුරෝ එම ඝාතන තැත සම්බන්ධයෙන් පදවියෙන් ඉවත්ව යන කොළොම්බියා ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝට සහ අන්ත දක්‍ෂිණාංශිකයන්ට ‍ෙදාස් පැවැරුවේය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන්ට 'ත්‍රස්තවාදය හා ඝාතනය' පිළිබඳ චෝදනා එල්ල වනු ඇතැයි වෙනිසියුලා අභ්‍යන්තර කටයුතු ඇමැති හෙස්ටර් රෙවරල් ප්‍රකාශ කළේය.

කොළොම්බියා ජනාධිපති සැන්ටොස් හා එහි අන්ත දක්‍ෂිණාංශිකයන්ට එක්ව සිටින වෙනිසියුලා අන්ත දක්‍ෂිණාංශිකයන්ද මෙම ඝාතන ප්‍රයත්නය පසුපස සිටිතැයි වෙනිසියුලා නීතිපති තරෙක් විලියම් සාබ් ප්‍රකාශ කෙළේය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙසද ඔහු නියෝග කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon