බොලිවුඩ්, හොලිවුඩ්, කොලිවුඩ් තිරයට...

  👤  2172 readers have read this article !
Published by : MB WEB 2018-08-08 10:46:35

 

කොලිවුඩ් රිදී තිරයට ඒමට නියමිත නවතම දමිළ චිත්‍රපටයක් තමයි Kolamavu Kokila කියන්නේ. ත්‍රාසජනක සිනමා නිර්මාණයක් ලෙස වර්ග කර ඇති මෙය Nelson Dilipkumar අධ්‍යක්‍ෂණයක්. කොලිවුඩයේ සුරූපී නිළි Nayantharaගේ ප්‍රධාන රංගනයෙන් හැඩවූ මේ චිත්‍රපටයට Yogi Babu, Saranya Ponvannan  ඇතුළු පිරිසක්ද රංගනයෙන් දායකවී තිබෙනවා. Anirudh Ravichanderගේ සංගීත අධ්‍යක්‍ෂණයෙන් යුත් අපූර්ව ගීත හයකින්ද රසවත් වන මෙම චිත්‍රපටය රිදී තිරයට එන්නේ අගෝස්තු 10දා සිටයි.

 

අගෝස්තු මස ආරම්භයත් සමඟින් හොලිවුඩ් රිදී තිරයට එකතු වූ නවතම ඉංගී්‍රසි චිත්‍රපට අතර හොලිවුඩ් සිනමාලෝලීන් සිනහා සයුරේ ගිල්වමින් ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනාගත් චිත්‍රපටයක් තමයි The Spy Who Dumped  කියන්නේ. ත්‍රාසජනක ක්‍රියාදාම පිරි හාස්‍ය රසය මූලික කරගත් චිත්‍රපටයක් වන මෙය CIA ඔත්තුකරුවකුගේ පෙම්වතියකට සහ ඇගේ යෙහෙළියකට මුහුණදීමට සිදුවන අනපේක්‍ෂිත ත්‍රාසජනක සිදුවීම් මාලාවක් ඔස්සේ තමයි ඉදිරියට ගලායන්නේ. හොලිවුඩයේ පුවත් මවන්නියක් වන සුපිරි නිළි Mila Kunisගේ ප්‍රධාන රංගනයෙන් හැඩවූ මෙය Susanna Fogelගේ අධ්‍යක්‍ෂණයක්. මෙම චිත්‍රපටය තිරගත වීම ඇරඹුණේ අගෝස්තු 03දා සිටයි.

 

අයිශ්වර්යා රායි සහ අනිල් කපූර් වැනි බොලිවුඩයේ අති දැවැන්ත ශිල්පීන්ගේ රංගනයෙන් ඔපවත්ව බොලිවුඩ් රිදී තිරයට එන නවතම චිත්‍රපටය තමයි Fanney Khan කියන්නේ. සංගීතාත්මක ගුණය සහ හාස්‍ය රසය මූලික කරගත් සිනමා නිර්මාණයක් වූ මෙය, සිය තරුණ දියණිය සුපිරි ගායිකාවක් කිරීමට වෙර දරන මධ්‍යම පාන්තික පියකු මුහුණ දෙන අපූරු සිදුවීම් මාලාවක් ඔස්සේ තමයි ඉදිරියට ගලා යන්නේ. 2000 වසරේ බෙල්ජියමේ නිෂ්පාදිත Everybody's Famous නම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්ද වන Fanney Khan තිරගතවීම ඇරඹුණේ අගෝස්තු 03දා සිටයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon