අලුත් ඡන්ද ක්‍රමයට 24වැනිදා තීරණාත්මකයි - ලක්ෂ්මන් කිරිඇල්ල

  👤  1229 readers have read this article !
Published by : MB WEB 2018-08-12 13:48:28

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ යෝජනාව මේ මස 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම යෝජනාව පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වුවහොත් පමණක් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බවත් එසේ සම්මත නොවුණහොත් පැරැණි මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදුවන බවත් පාර්ලිමේන්තුවේ සභා නායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉරිදා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

මේ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවධානය යොමු කෙරෙන විවාදය මේ මස 24 වැනිදා පෙ.ව. 11 සිට පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට සිකුරාදා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බවද කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.මේ අනුව සබරගමුව, උතුරුමැද, නැඟෙනහිර, මධ්‍යම, වයඹ, උතුරු යන පළාත් සභා හයේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් 24 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයේදී විශේෂ අවධානයක් යොමුවීමට නියමිතයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon