Funky Dirt ගේ 'කියා ගන්න බැරි වූ ප්‍රේමේ' දැන් හැමෝම දැනගෙන

  👤  2064 readers have read this article !
Published by : MB WEB 2018-08-15 10:23:40

කියා ගන්න බැරි වූ ප්‍රේමේ ගීතයක් එක්ක ජ්භදඬර ච්ඪපබලා රසිකයෝ අතරට ඇවිත්?

ඔව්. ඒ අපේ අලුත්ම ගීතය. මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ මම. පද රචනය කළේ මුර්ෂාඩ්. නිෂ්පාදනය කළේ G3 Production ගිහාන්, චතුර රත්නායක සහ මම තමයි වීඩියෝ එක කළේ.

"කියා ගන්න බැරි වූ ප්‍රේමේ" කාගේ අත්දැකීමක්ද?

අත්දැකීමකට හදපු එකක් නෙමෙයි. හැබැයි මේක අපේ යාළුවොන්ට වෙලා තිබුණා. ඒ අත්දැකීම හිතේ තියාගෙන තමයි මුර්ෂාඩ් ගීතය ලිව්වේ. එහෙම නැතුව අපේ අත්දැකීමක් නෙමෙයි ඉතිං.

ගීත හදනකොට Funky Dirt  ලගේ ශෛලියක් තිබුණා. මේ ගීතය වෙනස් විදිහට කරන්න හිතුවේ ඇයි?

"අද අපේ තාත්තා, ඩොප්පි නකින්, බස් එකේ" වගේ අපේ හැම ගීතයක්ම එක වගේ සින්දු. කට්ටිය අපිට කිව්වා ඉතධඹ වෙන විදිහක ගීතයක් හදන්න කියලා. ඒකයි අපි මෙහෙම ගීතයක් හැදුවේ. මේ ගීතය අපි හදලා තිබ්බ පරණ ගීතයක්. වෙඩින් පී්‍ර ෂූට් එකක සංකල්පයට තමයි අපි මේක හැදුවේ.

Funky Dirt ට අනන්‍ය වුණ නර්තන ශෛලියක් තිබුණා. මේ ගීතයේ ඒක නැත්තේ ඇයි?

කලින් වගේ හැමෝම අපෙන් බලාපොරොත්තු වුණේ නර්තනයක් සහිත අපේ ශෛලියේම ගීතයක්. ඒත් අපිට පොඩි වෙනසක් කරන්න ඕන වුණා. ඒකයි නර්තනය එළියට ගත්තේ නැත්තේ.

නටලා එපා වුණාද?

එහෙම නැහැ. ඉදිරියේදී කරන ගීතවලට අපේ ඒ ශෛලිය යොදා ගන්න හිතන් ඉන්නවා. ආයෙත් අපි නටනවා.

ප්‍රේක්‍ෂකයන්ට ගීතයක් දෙන්න මෙච්චර කල් ගත්තේ ඇයි?

මුර්ෂාඩ් සහ රිස්වාන් රැකියාවක් කරනවා. මම විතරයි දිගටම මියුසික් කරන්නේ. ගීතයක් කරන්න ලොකු පිරිවැයකුත් යනවා. අනික සින්දුවක් හොඳටම කරන්න කල් යනවා. හිතලා පරක්කු කරන්නේ නැහැ ඉතින්.

කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳයි. සංගීත ක්‍ෂේත්‍රයේ ඉන්න අයගෙනුත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. සමහර අය කිව්වා "ඇයි මෙහෙම ගීතයක් කළේ." "අපිට කලින් විදියෙම ගීතයක් ඕනේ" කියලා. තවත් සමහර අය කිව්වා රෑට නිදා ගද්දී වුණත් අහන්න පුළුවන් ගීතයක් මේක කියලා. යූ ටියුබ් ට්‍රෙන්ඩින්වල අපේ ගීතය ඊපඥදඤඪදඨ ධදඥ ආවා. එක දවසින් ගීතයට ඍඪඥඹඵ ලක්‍ෂයක් ලැබුණා. ඒක ඇත්තටම මාර ලොකු දෙයක්.

Funky Dirt  වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නේ තරුණියන්ගෙන්ද? තරුණයන්ගෙන්ද?

දෙපැත්තෙන්ම ප්‍රතිචාර තියෙනවා. ඒත් පිරිමි ළමයි ටිකක් වැඩිපුර ආසයි අපේ ගීතවලට. අලුත් සින්දුවටත් ආසයි හැමෝම.

සරල පද රචනාවලට විවේචන එල්ල වෙනවා. ඒ විවේචන ජ්භදඬර ච්ඪපබ ලට අදාළ වෙනවද?

අපිට අද වෙනකම් ඒ වගේ විවේචන ඇවිල්ලා නැහැ. සාමාන්‍යයෙන් අපේ සින්දුවල තියෙන්නේ එදිනෙදා ජීවිතයේ පාවිච්චි කරන වචන. ඒත් විවේචන ඇවිල්ලම නැහැ.

Funky Dirt  යාළුකමට ලොකු කාලයක් වෙනවා නේද?

2008 තමයි අපි බෑන්ඩ් එක පටන් ගත්තේ. අපි තුන්දෙනාම ඉසිපතන විද්‍යාලයේ. 2005 ඉඳන්ම අපි යාළුවෝ. අපේ ගෙවල් තියෙන්නේත් එක ළඟ.

පිරිසක් එක්ක වැඩ කරනකොට ටිකක් අමාරුයි. ඔයාලට ඒ වගේ ගැටලු මතුවෙලා නැද්ද?

ඇත්තටම එහෙම කිසිම අවුලක් වෙලා නැහැ. අපි තුන්දෙනාම හොඳම යාළුවෝ. මත ගැටුම් නැහැ. අනික මොකක් හරි දේකට තුන්දෙනාගෙන් දෙන්නෙක් කැමැති වෙනවාමයි. එතකොට නිකම්ම අනිත් කෙනාත් කැමැති වෙනවා.

කාලෙන් කාලයට විවිධ රැලි එනවා. ඒත් Funky Dirt  එහෙම රැල්ලකට යන්නේ නැද්ද?

අද වෙනකම් අපි කිසිම රැල්ලකට ගිහිල්ලත් නැහැ. ඉස්සරහට යන්නෙත් නැහැ. අපි අපේ විදිහට තමයි ගීත කරන්නේ. අපේ ශෛලිය කරන්නේ ළහිරු පෙරේරා, ඩැඩී වගේ කිහිප දෙනයි.

මුදල් බලාපොරොත්තුවෙන් හරි රැල්ලට යන්නේ නැද්ද?

නැහැ. කට්ටිය හිතන්නේ රැල්ලට ගියාම සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා. ලොකු කලාකරුවකුට පුළුවන් වුණාට එහෙම කරන්නත් අමාරුයි. අපේ ශෛලියෙනුත් මුදල් හම්බ කරන්න පුළුවන්.

මාධ්‍යවලින් ලැබෙන සහයෝගය කොහොමද?

ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒත් දැන් රූපවාහිනිය නරඹන කට්ටිය අඩුයි. ඉතින් ඒත් රූපවාහිනි නාළිකා, රේඩියෝ සහ පත්තරවලින් එදා වගේම මාර ලොකු උදව්වක් අපිට ලැබෙනවා.

අවුරුද්දකට එක ගීතයක් විතරක් කරලා ප්‍රේක්‍ෂකයෝ අතර රැඳෙන්න පුළුවන්ද?

"අද අපේ තාත්තා" ගීතය තාමත් ප්‍රේක්‍ෂකයෝ අතර තියෙනවා. අපේ ගීතයක් එනකම් බලන් ඉන්න පිරිසක් ඉන්නවා. ඒත් අපි හිතලා පරක්කු කරන්නේ නැහැ. පුළුවන් විදිහට අපිව රස විඳින අය අතරට ගීතයක් ගේනවා.

ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද?

ඇත්තටම ලොකු අදහසක් තියෙනවා. අනිත් දෙන්නම රැකියා කරන නිසා එකතු වෙන්න වෙලාව අඩුයි. ඒත් කොහොම හරි ලබන අවුරුද්ද ඇතුළත ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනවා.

ප්‍රසංගයක් කරන්න තරම් ගීත සංඛ්‍යාවක් තියෙනවද?

දැනට අපේ ගීත පහක් තියෙනවා. ෂෝ එකට ගියාම වුණත් උපරිම අපිට සින්දු 3ක් කියන්න දෙනවා. අපේ තව සින්දු 4ක් තියෙනවා. ඒවා ලොකුවට හිට් වුණේ නැහැ. "අද අපේ තාත්තා" ගීතයෙන් පස්සේ අපේ ගීත කිහිපයක්ම හිට් වුණා. සින්දු 2ක් 3ක් තියෙන අයත් ප්‍රසංග කරනවා. අපිත් තව කලාකරුවන් කිහිපදෙනෙක් එක්ක තමයි ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මොනවද අලුත් වැඩ?

දෙසැම්බර් මාසයේ අලුත් ගීතයක් ප්‍රේක්‍ෂකයන්ට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් හරියටම කියන්න බැහැ ඉතින්.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon