පුත්තලම වෙරළේ සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම කඩිනමින් - වෙරළ ආරක්ෂණ අධිකාරිය

  👤  1463 readers have read this article !
Published by : MB WEB 2018-08-14 11:19:33

පුත්තලම ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් නැවත දැනුම් දෙන තුරු උඩප්පුව සිට තොඩුවාව දක්වා වෙරළ තීරයට භාවිත කිරීමෙන් වළකින්න යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මහජනතාව වෙත දැනුම් දෙයි.

එම කලාපයේ ගොඩ ගැසී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කරන තුරු එම වෙරළ භාවිතයෙන් වළකින්න යැයි වැඩිදුරටත් ඉල්ලා සිටින වෙරළ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජනතාව මැදිහත් නොවිය යුතු අතර ඒවා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන් කරයි.

ඉන්දියාව ඇතුළු මෙම කලාපයට අයත් රටවල් විසින් ඉවත් කරන ලද සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇතැයි ද වැඩිදුරටත් පෙන්වාදෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon